අසූතුන්වැනි කොටහා

854 85 36
                                    

" මාගේ ආදරණීය පුංචි සර් වෙත මහත් වූ ප්‍රේමයෙන් උතුරා යන සෙනෙහසින් මන් මේ වචන ටික අකුරු කරමි "




" අයියෝ ඕයී මොකක්ද අප්පා..."



" හැමදාම මන් මග බලාගෙන ඉන්නෙ මගෙ ගැහෙන පපුවේ හිමි කාරයා එනකම්. ඒ නපුරු කළු ඇස් දකින්න මා පෙරුම් පුරමි හැමදාමත් "




" තමුසෙටත් ඕන් නැති මගුලක් නෑ රෙද්ද. "



මන් හොද වයින් දෙකකුත් ඔරවගෙන ආයේ අහක බලා ගත්තේ මගෙ කටින් හිනාවකුත් පනිද්දී. ඒවුනාට මට ලැජ්ජයි. මේ මනුස්සයටත් ආයේ දෙයක් නෑ දැන්. මටමයි ඔහොම වෙන්නේ




" වියපත් බඹරෙක් කියා කියන්නත් බැරි තරම් නුබ තරුණ කමින් උතුරන හැඩි දැඩි පිරිමියෙකි. දළ දෙකෙ මාලය නුඹටම ගැළපෙන හරි අපූරු මාලයකි... මන් හරි ආදරෙයි මගෙ සර්ට. කොච්චර බලන් හිටියත් මට කිසිම ඇති වීමක් නෑ. හිත නිවන රූපයක්. හැගීම් අව්.... "




" ඇති ඇති ඕයී. තමුසේ හරියට රචනාවක් කියවනවා වගේනේ කියවන්නේ. මන් ඕවා ගත්තට බලන්නවත් හම්බුන්නෑ. ඇයි ඔහොම බලන්නේ මන් බොරු නෙවෙයි කරන්නේ "



මයෙ නිලූෂ ඒක අතේ තියා ගෙන මගෙ උසස් පෙළ රසායනික විද්‍යා පොතෙන් තව ලිවුමක් ගද්දි එයාට වැරැද්දක් කළේ නැතත් මට තඩි කෙළ ගුලියක් ගිලුනා. එයා ලිවුම් තුන හතරක්ම මගෙ මූණට ළං කරලා පෙන්නලා අත් දෙකත් බැදන් ඇහි බැමි දෙකත් එකට පූට්ටු කරම් බලන් හිටියේ මගෙ දිහා. ශික් කවදාවත් නැතුව මෙයා මගෙ පොත් අස්සවල් බලලනේ. අල්මාරිය අස්සට හෝදපු රෙදි ගුලි කරලා දාන්න කාමරේට ආවත් හරි මන් දැක්කේ මොකක්දෝ කඩදහියක් කියවන නිලූෂව. මන් ආවා කියලා දැක්කට පස්සේ මටත් එක්ක ඇහෙන්න කියවනවා අකුරෙන් අකුර.






" දවසකට කීයක් විතර මගෙ මහත්තය ට මේවගේ ලිවුම් එනවද "



" එහෙම මහ ලොකුවට ලිවුම් එන්නෑ ඕයී. අනේ මන්දා තමුසෙත් . දැන් ඔයා ඔය කියන්න හදන්නේ මාව විශ්වාස නෑ කියලද ආ... ඔයා ඔහොම හිතන එක වැරදි නිලූෂ... ගොඩක් වැරදි. ඉස්සර නම් ඉතින් කෙල්ලෝ හිටියා තමයි . මට ආයේ වැඩිය තේරුමක්‌ තිබ්බේ නෑනේ. ඒත් දරුවා ආවට පස්සේ මගෙ ගෑණි තියා මොන කෙල්ලෙක් වත් හිටියේ නෑ ඕයී . මන් ගුරුවරයෙක් නිලූෂ. ළමයින්ට හොද වැදගත් ආදර්ශමත් සර් කෙනෙක්. අනික දරුවෙක් ඉන්න ගුරුවරයෙක් මන්. ළමයි මට එවන ලිවුම් මේ ගත්තා දැම්මා පොත අස්සට. උන්ට කොච්චර එපා කිව්වත් අහන්නෙත් නෑ. ඒකයි ඔය එකතු වෙවී එකතු වෙවී ඔච්චර ලිවුම් කැටියක් ඇවිල්ලා තියෙන්නේ නිලූෂ. බලන්න මන් කඩලා බලලවත් නැති ඒවා තියෙ නවා. ඔයා ඔය වගේ ඔහොම හිතද්දී තමුසෙට ආදරේ කරන මට කොච්චර නම් රිදෙනවද කියලා දන්නවද ආ... ඇයි ඔයවගේ කැත විදිහට මන් ගැන හිතන්නේ ආ... මන් දිහා ඔහොම පිස්සෙක් වගේ බලන් ඉන්නැතුව ඔය කටින් මොනා හරි කියන්න. මගෙ හිත දන්නවා මන් කිසිම වැරැද්දක්‌ කරේ නෑ කියලා නිලූෂ. ඒ න්... "



අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now