" කවුදෝ එක් කෙනෙක් තමයි ඉතින් ඔයාගෙ අයියට ෂේන් කියන්නේ "
" තමුසෙලා දෙන්නා මටත් කියන් නැතුව යාලු වුණාද ආ..... අයියේ තමුසෙ වත් මට කිව්වෙ නෑ නෙ ලොක්කා එක්ක යාලු වුණා කියලා. දෙන්නා හොරෙන් ලව් කරනවා නේද ආආආ.......... අයියේ... "
" මහ් ම්හ් "
මන්දා මාව ගිනි ගන්නවා වයේ පොඩි ඇටේගේ කතාවත් එක්කලා. ඉන්න බැරි තැන මන් ටිකක් උගුර පාදලා අහක බලා ගත්තා . පොඩි පගේගේ කට තිබ්බට මොළයක් නෑ.
වෙනදට නම් මට අසූ හාරදාහට නගිනවා වුණාට අද මට හිනා යන්ඩත් එනවා.
" චූටි...... එහෙම දෙයක් නෙවෙයි මෝඩයෝ. ඇකඩමි එකේ කෙල්ලෙක් මට ෂේන් කියන්නේ ඉතින්. ආයේ එහෙම වැරදි අදහසකින් නෙවෙයි. යාලුවෙක් විදිහට "
යකෝ මාර වැඩක් නෙ මේක. පොඩි පගේගේ දිහා බලන් කියන්න ඕනී එක දැන් මන් දිහා බලන් කිව්වම හරි ද මන් අහන්ඩේ.
පිස්සු මේකාට. මේකා ඒකිට ලව්. ඒකි මේකට ලව්. ඉතින් මට පාන්ද. ඕනී දහ අට පාලියක් නටා ගත්තාවෙ ෂේන් .
" ආ එහෙම දෙයක් ද.... අයියෝ මට වැරදුනා නෙ... සොරි හොදේ. හරි හරි ඒකට කමක් නෑ මගෙ නුඩ්ලස් එක කාලා ඉන්නකෝ "
" මේ මන් යනවා "
කියන්න ආපු දේත් මට අමතක වුණා එතැනට ගියාට පස්සෙ. ලැජ්ජාවෙ බෑ. යෝ භූමියෝ කමක් නෑ ඉතින්.
" මොකෝ බබා තනියම හිනා වෙන්නේ "
" ආ හා නෑ ලොකු අප්පච්චි. නිකන්. සුවදයි හලෝ. මටත් කෑල්ලක් කවන්නකෝ "
ලොකු අප්පච්චි උයනකම් මන් එයා ළගින් හිටගෙන හිට ගෙන හිටියේ කිරි එකක් තොල ගගා. තනියම හිනා යනවා ඉතින් මට කලින් වෙච්ච ඒවා මතක් වෙද්දී. ඒවා ඉතින් ලොකු අප්පච්චි එක්කලා කතා කර ගන්න පුළුවනෑ.
" කෙල්ලෙක් වත් හොයා ගත්ත වත්ද ලොකූ "
" තාම නෑ නෙ ලොකු අප්පච්චි . ඔයාට වගේ ආයේ අපිට චූටි කාලෙම ලව් සෙට් වුන් නෑ නෙ. දැන් ඉතින් අපි තනිකඩයි "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -