අත් වැරැද්ද 02 ( 11 කොටස )

318 33 36
                                    

" අයියෝ කෝ ෂේන් මෙහාට්ට එන්න "



" අහ් නිහංසා මෙතන හොදයි "


" ඉන්න මන් එහෙනම් එන්න "

යකෝ මේ කෙල්ල ඉක්මනට ඉක්මනට පොත් බෑග් එකත් උස්සන් ආවේ මන් ඉන්න තැනට.




" ෂේන් ගුඩ් මෝනින්. අනේ මෝඩයෝ මන් ඔයාට ත් එක්ක තමයි අර තැන අල්ලන් හිටියේ. කොහෙද ඉතින් "




" ගුඩ් මෝනින් . ගොඩක් ඉස්සරහ ඉන්න බෑ නිහන්සා මෙතන හොදයි "


මේ කෙල්ල කටර් එකක් වගේ නෙ . මගේ එහා පැත්තෙ හිටපු කොල්ලො ටිකත් බැලුවා අපි දිහා.



" අයියෝ ඔයාට කියන්න විභූ මේ එදා කවුද ඒ ඔයාට බබා කිව්වෙ ආ.... ආව්‍ ආව්... "




" කවුද "


මොනාද මේ කෙල්ල ඇස් නටව නටව කියන්නේ . මට බබා කියන්න කවුද අනේ ඉන්නෙ ඇත්තට.


" මගෙන් අහන්නේ. සාමාන්යෙන් බබා පැටියෝ ගාන්ඩේ විශේෂ අයනේ නේද ම් "




" ආ...... මේ එදා.... ඒ මගෙ අප්පච්චිගේ යාලුවෙක්‌. පුංචි වලව්වේ චූටි අන්කල් "




" මොකාක් අන්කල්. නෑ නෑ බන් මන් කියන්නේ අර කොන්ඩෙ ක්‍රේල් කොල්ලා ගැන "

යෝ ඉතින් චූටි අන්කල්ගෙ වයස පේන්ඩේ නැති හින්දා හරි කරදරේ.





" ඒ කොල්ලෙක් නෙවෙයි යෝධියේ. ඒ අන්කල් කෙනෙක් . හතළිස් පහයි දැන් චූටි අන්කල්ට. බබා බබා කියලා කතා කරන්නෙ එයා තමයි "



" මන් හිතුවෙ මේ අපෙ වයසෙ කොල්ලෙක් කියලා. පොඩී නෙ හලෝ "



ලෙක් එක පටන් ගත්තට පස්සෙ තමයි අපි දෙන්නගෙම කයිය ගැහිල්ල නතර වුණේ.

මගෙ දෙයියනේ ඇයි අප්පා මේ මයෙ ඔලුව රිදෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගද්දි තමයි ඔලුව රිදිල්ලත් එන්නෙ අම්මපා හැබෑට.

නිහංසට නම් මට වඩා තියෙනවා වගේ ඉංග්‍රීසි දැනුම.





" ළමයි මන් කියන දේ අවධානෙන් අහන් ඉන්න වෙන වෙන කල්පනා වලට යන් නැතුව "





" ෂේන් "

මෙච්චර වෙලා ජනේලේ දිහා බලන් හිටපු මන් බැලුවෙ මයෙ අතට ඇන්න නිහන්සා දිහා වෙද්දි ඒකි මට ඇස් වලින් ඉස්සරහ පෙන්නුවා.

අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now