" නෑ පුතා එහෙම මහ ලොකුවට ආණ්ඩුවෙන් කරදරයක් වෙන්නෑ. ඔය ගම් සභාපති තුමත් කිව්වේ ඒක එච්චර දෙයක් නෙවෙයි කියලා "
" ඒවුනාට අප්පච්චි ප්‍රවෘත්ති වල දාන්නෙම ඒවා ගැනනෙ. බොරුවට මිනිස්සුත් කුලප්පු වෙනවනෙ ඒකෙන් "
මේ දවස් ටිකේම ටීවී එකේ යන්නෙම කොළඹ උප පොලිස් තුමෙක්ගේ කේස් එකක්. එයා පිට ගෑණු මනුස්සයෙක් එක්ක ඉන්න වීඩියෝ එකක් මාධ්‍යට කවුරුහරි දාලා. දැන් ඒකට රටේ ගොඩක් මිනිස්සු පොලීසියේ මිනිස්සුන්ට බනිනවා . එකෙක් වැරදි වැඩක් කරොත් පොලීසියේ ඉන්න සේරමල්ලා අපරාදකාරයෝ කියලද දන්නෑ මුන් හිතන් ඉන්නෙ. මේවට ආණ්ඩුවෙනුත් හවුල්ද කොහෙදෝ. ඇයි ඉතින් ලොකු පුටු වල ඉන්න ලොකු ලොකු ලොක්කන්ට එයාලගේ පාඩුවේ කිසිම කරදරයක් නැතුව වැඩ ටික කර ගන්න පුළුවන්නෙ එතකොට.
" ඕක පොඩී ටික දවසකින් මිනිස්සුන්ට අමතක වෙලා යාවී. අනික උබේ මිනිහා පොලීසියේ නිළ ඇදුම ඇදන් නෙවෙයිනෙ වැඩ කරන්නේ "
" මාධ්‍ය වලත් කරන්නෙම මිනිස්සු අවුස්සන එකනේ. රටේ නීතිය තියෙන නිසා තමයි මිනිස්සු සැනසීමකින් හරි පාරක තොටක වුණත් බැහැලා යන්නෙ. මේ ලංකාවේ පොලීසිය නැති වුණා නම් බලාගන්න තිබ්බා මිනිස්සු සත්තු වගේ හැසිරෙන විදිහ අප්පච්චි "
නිලූෂ නම් ඊයේ රෑ ගියපු පාර තාම නෑ. දැන් උදේ දහයටත් කිට්ටුයි. මායි නුරාදයි මිදුල පොඩ්ඩක් සුද්ද කරලා දොරවලුත් වහලා ආවෙ මහ වලව්වට. දෙනුවන්ගේ විහාගේ අද තමයි ඉවර වෙන්නේ. කොල්ලත් එයි දොළහ වෙද්දිවත්
" ලොකු හාමු කහට කෝප්පයක් ගේන්නද කිරි කෝප්පයක් ගේන්නද. පුංචි හාමු මොනාද බොන්නේ "
" මට කිරි කහට එකක් කමනි. පොඩී උබ මොනාද බොන්නෙ "
" මටත් කිරි කහට හොදයි නැන්දේ "
රට ඉදි එක්කලා කිරි කහට බොන්න මන් හරි ආසයි. අපේ ගෙදර මන් කහට එකක් එක්කලා කන්න රට ඉදි පෙට්ටි ගෙනාවත් දවසින් දෙකින් ඉවරයි. චූටි අප්පච්චි අරහෙට්ට යද්දිත් එකක් කටේ ඔබා ගන්නවා මෙහාට්ට යද්දිත් කටේ ඔබා ගන්නවා. පැටියට නම් රට ඉදි ගැන ඒ තරම් ලොකු ආසාවක් නෑ. බේර ගන්න අමාරු අයිස්ක්‍රීමුයි කේකුයි මාගරිනුයි තමයි.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -