අවසන් කොටහා

3.3K 155 177
                                    

" චූටි මොකක්ද ප්‍රශ්නෙ ම්..... අයියට කියන්න බැරි එකක්ද "

" දිනූ..... ද් මේ.... "

" ඇයි මේ ආ..... දෙයියනේ ඇයි අඩන්නේ මොකක්ද වුණේ වීරා "

මයේ ළගට ඇවිල්ලා දිනූ එහෙම අහද්දී මයේ ඇස් වලින් ආයේ කදුළු වාන් දැම්මා. ඒත් එක්කම මන් මගෙ අයියව හයියෙන් බදා ගත්තේ එයත් මාව බදන් කලබෙලෙන් වගේ කතා කරද්දි.

" ම් මගෙ අතින් හදන්න බැරි ලොකු වැරැද්දක් වුනා අයියේ.. අනේ මට මැරෙන්ඩ තරම් දුකයි දිනූ. ම් ම ට පිස් සු
වගේ "

" ශ්..... චූටි කලබල වෙන්න එපා. මොකක්ද වුණේ කියන්න ඉස්සෙල්ලම. අහන්න වීරා උබේ හොදම යාලුවත් මන් උබේ අනිත් භාගෙත් මන්. මොකක්ද වුණේ කියන්න. මයේ චූටිට අයියව විශ්වාස නැද්ද ම්... "

මන් එයාගේ බෙල්ලේ අස්සේ ගහන් හිටපු මගෙ ඔලුව උස්සලා බැලුවේ එයා දිහා. මට ලැජ්ජයි කියන්න.







" නිලූෂ කවුද කියලා දන්නවද දිනූ.. එ එයා ල් ලෝරගේ පුතා බ න් "


මන් එහෙම කිව්වත් වගේම අයියා ගැස්සුනා. ගැස්සිලා මයෙන් පස්සට වුනා.





" ක්‌ කොහොම ද දන් නේ චූටි ආ... "

" ඒක නෙවෙයිනෙ අයියේ ප්‍රශ්නෙ. න් නිලූ ෂගේ අප්පච්චි ම් මන් බන්. මයේ පපුව පැලෙන්ඩ වගේ රිදෙනවා ඕයී "

මන් එහෙම කියාගෙන ඔලුව අත් දෙකින් මිරික ගත්තා වුණත් වීරා මාව උඩට උස්සලා මන් දිහාම බලන් හිටියා.




" කොහොමද චූටි එහෙම හරියටම කියන්නේ ම් "

මන් දන්නවා දිනූට මාව විශ්වාස නෑ. ඒ නිසාම තමයි එයා මට හිනා වෙන්නේ. මන් එදා වෙච්ච සිද්දිය අකුරක් නෑර කියද්දී මන් හිතුවා වගේම එයාගේ මූණ වෙනස් වුනා. ඒ ඇස් වලත් ලා කදුළු පටලයක් බැදුනේ මයේ ඇස් වලිනුත් කදුළු උනද්දී.
























" කු සාහුල් දාන්ත දාන්ත කු කු..... "

" අයියූ...... ඔත්තල දුල යන්ත අපා නුලාද. මෙහාත්ත එන්ත "

" මත බා.... ඔලා දාන් තකු බා නතුව "

නුරාදයි රාහුලුයි ඉස්සරහ මිදුලේ බෝල ගහනකම් මන් චූටි මැණිකවත් ඔක්කේ තියන් ඒ දෙන්නා දිහා බලන් හිටියෙ මෝල් සතත් අනිත් බංකුවෙ ඉදගෙන අපිට ටිකක් ඈතින් මොන මොනාදෝ කතා කර කර ඉන්න අප්පච්චියි පුතයි දිහා බලාගෙන. පැය ගානක් ගිහිල්ලත් ඒ දෙන්නා තාම කතාව.




අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now