" මහා පිස්සෙක්. මටොන්නෑ ඒ මහ සෝනා.... පිස්සු එළ වස්සෙක්. ආ ව් හිමී ට අප්පච්චි . ආවදෙන්කෝ පොල් බූරුවා යාලුවොන්ට තේ වක් කරලා දෙන්න කියලා. පොල් බූරුවට ඇත්තමයි මන් දෙනවා අප්පච්චි පොල් පිත්තෙන්... අහ් හිමී ට "
දෙයියනේ මගේ පපුව හෝස් ගානවා තාම. ඇගිලි පහම හිටලා මගේ පොඩි එකායෙ.
මන් බාම් ඩිංගක් අරන් කොල්ලගේ කම්මුලේ පරිස්සමින් ගෑවේ උණු වතුරෙනුත් තවලා. චූටි එක් කෙනාගෙ ඇස් තාම ඉදිමිලා අඩලා අඩලා.
" ඔයා ඇයි අප්පා ඔය මූසල පුතණ්ඩියා දරු කමට හදා ගත්තෙ ආ... බලන්න අපි එපැයි ගුටි කන්න "
" එහෙම කියන්න එපා චූටි. අයියා ඔයාලා තුන් දෙනාටම පණ ඇරලා පැටියෝ. එක දවසක් චූටි කාලේ ඔයා රාහු අප්පච්චිගෙ පොලිස් කිට් එකක් කෑලි කපලා හොර ගෙඩියා වගේ ඉද්දි ලොකූ තමයි ගුටි කෑවේ මගෙන්. පාරවල් දෙක තුනක් දුන්නත් කටක් හොලවලා කිව්වෙ නෑ මල්ලි පැටියගෙ වැඩක් කියලා.
පස්සෙ තමයි කිව්වෙ මල්ලි මොන්ටිසෝරි යන කාලේ මේවගේ වැඩක් කරා කියලා "
මන් එහෙම කියලා මගේ පපුවෙ මූණ ඔබන් හිටපු පොඩි එකායේ හිස් මුදුනට දුන්නෙ හාද්දක්. ලොකූ ඔහේ හිටියට මොකද තුන් දෙනාටම ආදරේ නොසෑහෙන්න .
" ඒ මන් චූටි හින්ද නෙ. දැන් ලොකුයිනේ මන්. එයා ආදරේ නෑ ඒක නිසා "
" අයියෝ බබා එහෙනම් ඔයා යන එන තැන් ගැන ආශ්රේ කරන මිනිස්සු ගැන හොයලා බලයි ද ආ..... ක්ලාස් අරහෙ මෙහෙ ගිහිල්ලා දායිද ම්... දැන් ආයේ ඉස්සර වගේ ළගට අරන් උම්මා දිදී නළව නළව ඉන්නෑ බබා. ඒවුනාට ලොකූ උබලට ආදරෙයි "
ඉස්සර වගේම තමයි ඒ ආදරේ ලොකූගෙ තියෙනවා. හැබැයි දැන් ලොකූ ආදරේ කරන විදිහ වෙනස්. අපේ බබා ඇග පතෙන් ලොකු වුණාට තාම පොඩි බබෙක් වගේ. ඉතින් ශාලු ලොකූ ගෙන් බලා පොරොත්තු වෙන්නෙ ඉස්සර හුරතල් කර කර ඉඹ ඉඹ කරාපු ආදරේම තමයි.
මන් නම් හැබැයි හිතුවෙ ලොකු වෙද්දිත් ලොකූට අපෙ ශාලුව නැතුවම බැරි වෙයි කියලා. එහෙම වුණත් ඉතින් මගේ හිතේ අකමැත්තකුත් නෑ. සහෝදරයෝ තමයි. ඒත් ඉතින් ඇත්තටම එක ලේ නෙවෙයි නෙ.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Nonfiksi" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -