අත් වැරැද්ද 02 ( 10 කොටස )

327 37 58
                                    

" උබට මොළේ හොද නැද්ද යකෝ පොඩි උන්ට ඔහොම ගහන්න ආ.... "

එහෙම කියලා මන් භූමිගෙ මූණටම පාරක් ගහන්න යද්දි ඒකා මයෙ අතින් අල්ලන් අඹරන්න ගත්තෙ මන් අනිත් අතින් භූමිගේ අත කොනිති ගහද්දි.


" අත ඇරපන් මගෙ අත කඩන්නද යන්නෙ "








" උස්සපන් බලන්න මට එක අතක් අහ්..  "



" තමුසෙ විතරක් නෙවෙයි මාත් කරාටි ක්ලාස් ගියා සිදූ. මොන්ටසෝරි යන කාලේ ඉදලා ගියේ "


මන් කට කොනේ හිනාවක් දාගෙන අඹරගෙන හිටපු භූමිගෙ අත අල්ලන් මන් ඒකව මයෙ ඇගට තද කරන් හිර කර ගත්තෙ භූමි මයෙ ළගින් අයින් වෙන්න දගලද්දි







" ෂේන් දක්ෂයි වගේ "



එහෙම කියපු එයා මයෙ බඩට වැලමිටෙන් ඇනලා මගෙ ළගින් අයින් වෙන්න ගියත් හරි  මන් කකුල් මාට්ටුවක් දැම්මා වෙද්දී භූමි වැටෙන්න ගියා.





" අයියෝ නවත්ත ගන්න දෙන්නගෙම රණ්ඩු .  අර පාන් කෑල්ල කාලා තුන් දෙනාම කිරි එක බීලා ඉමු නිවෙන්න කලින් "




" සිදූ.....  මෙන්න "


ඉස්සෙල්ලා මන් එයාගේ බෙල්ල හරියෙන් අල්ලන් ඉද්දි භාගෙට ලිහිලා තිබ්බ භූමිගේ දිවි දළ මාලේ වැටුනේ මයෙ ළගට .

ගහ ගැනිල්ල ඉවර වෙලා භූමි කිරි එක ගන්න යද්දි තමයි මට ඒ මාලේ ගන්න මතක් වුණේ.






" අපෝ ලොකූගෙ මාලේ "




" මොකද අපෝ ගාන්නේ ම්. උබට නෙවෙයි නෙ දුන්නේ අප්පච්චි. මටනේ "

චූටි නම් ඒ මාලෙට කැමති නෑ වගේ. අනේ මට නම් දැක්ක ගමන් ආස හිතුනා ඒ මාලෙට.  මටත් ඒවගෙ මාලයක් තිබ්බ නම් කියලා හිතෙනවා.




"අපරාදේ අර අල්මාරියෙ තියෙන චූටි සීයගෙ කැඩිච්චි කන්නාඩි කුට්ටමත් දාන්න තිබ්බෙ "


" යස අගේට ඇස් තියෙද්දි මට ආයේ මොකටද කන්නාඩි "


දෙන්නා ඉතින් කියව ගන්නවා. ටිකක් නම් ඇල් වෙලා තමයි අපරාදේ.







දවස් හතර පහක්ම ගියත් හරි තමයි චූටිලායේ ඉස්කෝලේ පටන් ගත්තෙ. චූටි  නැති හින්දා මුළු මහ වලව්වම පාළුයි වගේ.







අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now