අත් වැරැද්ද 02 ( 01 කොටස )

1.2K 63 58
                                    

" දරුවෝ ලොකු අප්පච්චිගෙන් කුරුදු ටිකක් ඉක්මනට ඉල්ලන් එන්නකෝ. කෝල් එකක් ගත්තම ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ "


" මේ මල පාන්දර නිදි ඇති "

අලුතින් හදපු උඩ කාමරේ ජනේලේ ළග හිටපු මන් චූටි අප්පච්චිටත් බැල්මක් දාලා ආයේ ඉස්සරහ බලා ගත්තා. දැන් නම් හයට විතර ඇති. ලොකු අප්පච්චියි ලොකු අප්පච්චිගේ මහත්තයයි ඉන්නෙ මහ වලව්වේ. ඒක නම් පරණයි ඉතින්.  පොඩි කාලේ ඉදලා හොදම යාලුවෝ දෙන්නා තමයි ඔය දැන් එකට පවුල් කන්නේ.

මන් උඩට කමිසයක් දාන් ඔලුවට අයිස් කැප එකත් දාගෙන යන්ඩ ගත්තෙ කාමරෙන් එළියට. චූටි අප්පච්චි මේ මළ පාන්දර ඉදන් නැගිටලා උයනවා ඉතින් අප්පච්චිගේ කැම්පස් එකේ යාලුවෙක් එනවයි කියලා.




" ලොකු අප්පච්චි....  ලොකු අප්පච්චි.. අහ් කෝ ලොකු අප්පච්චි "


" තමුසේ මොකද උදේ පාන්දර "

පොඩි ඇටයගේ රැස් බලන්ඩ වුණා නේ උදේ පාන්දර. මන් ඒකයේ උර හිසෙත් හැප්පී ගෙන කෙලින්ම ගියේ කුස්සියට. ලොකු අප්පච්චි ලිප එක්කලා ඔට්ටු වෙනවා සින්දුවකුත් මුමුණ මුමුණ.



" ලොකූ.....  මොකෝ මේ උදේ පාන්දර "

" කුරුදු ඉවර වෙලා ලොකු අප්පච්චි. කුරුදු ටිකක් දෙන්නකෝ. කෝ මාමා "


" අද පාන්දරම ගියා පුතා උසාවි. හවස් වෙලා එයි එයා "


ලොකු අප්පච්චි නුරාද. අපේ අප්පච්චිලා දෙන්නගේම වයස තමයි. හතර දෙනාටම මේ අවුරුද්දට හතළිස් පහයි. කොට කලිසමකට රාහු අප්පච්චිගේ ලොකු කමිසයක් ඇදලා පොඩි ළමයෙක් වගේ ලොකු අප්පච්චි නම් . මන් නම් චූටි අප්පච්චිටයි ලොකු අප්පච්චිටයි දෙන්නටම වඩා උසයි. රාහු අප්පච්චි ගානටම ඉන්නවා.


" ආ....  තව මොනා හරි ඕනිද පුතා "


" එපා ලොකු අප්පච්චි. ආයේ ඕනි වුනොත් එන්නම්. අපේ අප්පච්චිට කුරුදු ගේන්න අමතක වෙලා නේ "

" අප්පේ මන් නොදන්න උබේ අප්පච්චි ලොකු. එක සැරයක් චූටි මැණිකගේ උපන් දිනෙත් අමතක වුණු එකේ ඕවා ගැන කවර කතා ද "


අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now