20 කොටස

33 2 0
                                    


ඉතින් දිනුකයත් ටිකක් රෑ වෙනකල් මාත් එකක් ඉදලා ගියාට පස්සෙ මමත් අර ගෙනාපු ඩයිරි එකක් අරගෙන මට නූජ්ව හම්බුණ දවස් ටිකයි ඒ ටිකෙදි ඌ හැසිරුණ විදිහයි පොඩි නොට් එකක් දා ගත්තා.. මොකද එක සැරෙ මුල මැද අග හොයා ගන්න බැරි උනත් මේ විදිහට පොඩිවට හරි නොට් එකක් දා ගන්න එකෙන් මගෙ වැඩෙ මට තව ලේසි වෙන හින්දා....

ඔය අස්සෙ අලුතින් ගත්ත නම්බර් එකෙන්ම රන්ගගෙ යාලුවෙක්ට කොල් කරලා නූජ්ගෙයි කවීශ ගැනයි තොරතුරු උන් දෙන්නා ගියපු තැන්, හම්බුණ තැන් ගැන හොයන්නත් වැඩෙ දීලා එහෙමම මමත් රෑ නමය දහය පහු වෙනකල් ඉදලා ලැහැස්ති උනේ මුලින්ම කරන්න තියෙන වැඩේට බහින්න.......

කලු ට්‍රවුසර් එකකට කලු හූඩි එකක් ඇද ගත්ත මම කලු පාට ශුස් දෙකකුත් දාගෙන කලු කැප් එකයි කලු මාක්ස් එකයිත් දා ගත්තේ ඇස් දෙකටත් කලු පාට ලෙන්ස් දෙකක් දාගෙන.... ඊට පස්සෙ ඇහැ ගාව තියෙන බර්ක් මාර්ක් එක වැහෙන්න ඇහේ පාටටම ප්ලාස්ටර් එකක් අලව ගත්ත මම සීයා මට දීපූ ගන් එකත් ඉණෙ ගහගෙන බැක් පැක් එකකට අඩුම කුඩුම ටිකකුත් දාගෙන ඒකත් පිටෙ එල්ලගෙන එහෙමම එලියට බැස්සෙ දැන් මට යන්න ඔන කරපු තැනට යන්න වෙලාව හරි නිසා..

ඉතින් කිව්වත් වගෙ දිනුක ගෙනත් දුන්න වන්ඩියේම මන් ගියේ නූජ් කවිශ දෙන්නා ගොඩක් වෙලාවට මීට් වෙන නූජ්ලගෙ දැන් වෙද්දි බලු බල්ලෙක්වත් නැති පරණ ගෙදරට...... මෙ වෙද්දි වටෙම cctv වලට දිනුකගෙ උදව්වෙන් වැඩේ දීපු මම බයික් එකත් කැලයක් අස්සෙන් පාර්ක් කරලා කාටවත් අහු නොවෙන විදිහට ඒ ගෙදර පිටි පස්ස පැත්තෙ තාප්පෙට ලන් කරා..

ඉස්සරහ තාප්ප ලොකු උනාට මෙහෙ පිටි පස්ස තාප්ප නැගලා පනින්න පුලුවන් නිසා මමත් වැඩි වෙලා ඉන්නෙ නැතුව තාප්පෙ උඩට නැගලා එහෙමම අනිත් පැත්තට පැන්නා.. පැනපු පාරට අත තාප්පෙ දිගේ හිරිලා ගියත් ඒ ගැන ගානක් නොතිබ්බ මන් අඩි සද්දයක්වත් ඇහෙන්නෙ නැති විදිහට ඒ ගෙදර පිටි පස්සෙ දොරේ මායි දිනුකයි කපා ගත්තු යතුරකින් ඇරලා එහෙමම ඒ ගේ අස්සට රින්ග ගත්තා.. ඒ ගෙදරට අරුන් දෙන්නා ### යන්න ආවට දූවිලි ටිකක්වත් පිහිදලා නැති නිසා උන් දෙන්නටත් හිතින් බැන බැන මන් ෆොන් එකෙ ටොච් එකත් අල්ලගෙනම ඉස්සරහට ඇදුනා...

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now