22 කොටස

29 2 0
                                    


රෑ 9 පහු වෙනකල් ඉදපු මම මගෙ කලු පාට බැක් පැක් එක අරගෙන ඒකට මුලින්ම අර ඩයිරි එකයි.. යතුරු දෙකයි දාගෙන තව පිහියක් එක්ක ආයුධ ටිකකුත් දා ගත්තා...

ඊට පස්සෙ කෑම ගේනාපූ බෑග් එකෙන් හදිස්සියකට කියලා පොඩි බිස්කට් පැකට් දෙකක් දෙක්ක චොක්ලට් තුන හතරකුයි වතුර බොතලෙකුයි වෙනම පොඩි බෑග් එකකට දාගෙන ඒකත් බෑග් එකට ඔබා ගත්තා...

සාක්කු දෙකටම ලේන්සු දෙකක් දාගෙන සීයා මට දීපූ ගන් එකත් අරගෙන ඇදගෙන ඉදපු කලු හුඩී එක උස්සලා කලු ට්‍රවුසර් එකෙ ඉණේ ගහගෙන කලු කැප් එකයි මාක්ස් එකත් දාගෙන කැප් එක උඩින් හුඩී එකෙ කවර් එකත් ඔලුවට දා ගත්තා..

ඇස් දෙකෙ ලෙන්ස් දෙකෙන් තාමත් ඉන්න නිසා ආයෙ ඒක මාරු කරන්නෙ නැතුව ඇහැ ගාව තියෙන ලපෙට ආයෙම ප්ලාස්ටර් එකක් ගහ ගත්ත මම ,
ඉස්සර වෙලා පිනි වැටුණ වැහිපොද දැන් වෙද්දි අනොරා වැස්සක් වෙලා වහින වෙලෙම ගෙදරින් එලියට බැස්සෙ නූජ්ගේ පොට් එකට යන්න....

ටිකකට කලින් දිනුකයා කොල් කරලා නූජ් අද කොහෙ හරි ගමනක් යනවා කියලා කියපු එකෙන් පොඩි සැකයක් මට ආවත් මම ඕන දේකට මූණ දෙන්න බලාගෙන මහ වැස්සෙම බයික් එකත් අරගෙන ආවෙ එදා මන් ආපු නූජ්ලගෙ පරණ ගෙදරට...

කලින් දවසෙ බයික් එක පාර්ක් කරපු කැලෑව අස්සෙම බයික් එකත් ගහලා බැක් පැක් එකත් පටි දෙකෙන්ම කරේ එල්ල ගෙන ආවෙ ඊයේ මන් නැගපු පිටි පස්ස තාප්පෙ පැත්තට...... වැස්ස නිසා ලාවට වගේ තාප්පෙ ලෙස්සෙන නිසා පරිස්සමෙන් තාප්පෙට අත් දෙක තියපු මම අර කිව්වත් වගේ අත් දෙක ලෙස්සිලා ගියපු පාර මුලු අල්ලම තාප්පෙට සීරිලා පතුරු ගැහිලා ගියා..

ආර්හ් ##නවනෙ ඉතින්.......!!!!

අත් දෙකෙ අල්ලවල් දෙකම තුවාල වෙලා ලාවට තැනින් තැනින් ලේ මතු වෙද්දි මම ඔය ඕන මගුලක් වෙන්නෙ නැතෑ කියලා අයෙම උපරිම හයිය දලා ලෙස්සන්නෙ නැති වෙන්න තාප්පෙට නැගගෙන එහෙමම අනිත් පැත්තට පැන්නා... වටපිටාව ටිකක් අද අවුල් වගේ කියලා හිතුනත් හිත හිත ඉන්න ගියොත් නිකම්ම අතෙ මාට්ටු වෙන නිසා වැස්සෙම උනත් පායලා තිබුන හදට පින් දෙදී හද එලියෙන්ම වටපිටාවට ඇස් අරගෙන ගිහින් ලොකු අවුලක් නෑ කියලා නොට් කරගෙන එහෙමම ගියේ ගෙදර පිටි පස්සහ දොර පැත්තට.....

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now