10 කොටස

42 3 0
                                    


ඉතින් කට්ටියවම පොලින් වලට හිටෙව්වට පස්සෙ ඒ ලමයි සේරටම බිම ඉද ගන්න කිව්වා..... ඊට පස්සෙ අපි එක්ක ආපූ එක එක ක්ලාස් වල ක්ලස් ටීචර්ස්ලා හෙල්ත් කරන මැඩම්ලා සර්ලා ටිකත් කැප් ජර්කින් අරව මෙව්වා ඔක්කොම දාගෙන ඇවිත් ලමයි ඉස්සරහින් හිට ගත්තා..

දැන් මේ මෙතන වෙන්න යන්නෙ පොඩි කතාවක් කරන්න... මොකද කරන්න තියෙන වැඩ ගැන පොඩි ලමයි එක්ක අපිට විශේශයෙන් වෙලාවක් අරගෙන පැහැදිලි කරල දෙන්න වෙලා නෑ.. මොකද මේ ඉන්න හැම ලමයම ස්පොර්ට් කරන්නෙත් නැනෙ..

ඉතින් මැඩම්ලා ටික පැත්තකින් පොලිමට හිටන් ඉද්දි හවුස් එකෙ කැප්ටන්ලා ටික ඒ ඉස්සරහම පැත්තක එක පේලියට හිටන් ඉන්නවා.. වයිස් කැප්ටන්ලා ටික පොලීමේ පිටිපස්සෙ.....

ඉතින් ටොප් බොර්ඩ් එක තමා හරියටම මැද ඉන්නෙ දැන්... ශනල් අයියා ඉස්කොලේ හෙඩ් උනාට මේ වෙලාවෙ ලොකුම වැඩ කොටස තියෙන්නෙ ස්කොලෙ ගේම්ස් කැපා අපෙ අභිමන් අයියට.. ඉතින් ඉස්සරහට ඇවිත් මුලින්ම ආපු මැඩ්ම්ලා සර්ලා ටිකට තෑන්ක්ස් කරා මොකද ලමයි ටික මෙහෙම පාලනේ කරගෙන ඉන්න එකට. මොකද නැත්තන් අපිට අමාරුයිනේ ඔය ඔක්කොම කරන්න. ඉතින් ඊට පස්සෙ අභිමන් අයියා වෙන්න ඔන වැඩ ගැන ගොඩ වෙලාවක් ගන්නෙ නැතුව හරිම පැහැදිලිව කියලා දුන්නා..

මුලින්ම ග්‍රේඩ් වයිස් ඒ ඒ ලමයින්ට වෙන් කරපු ඉවෙන්ට්ස් තියෙනවා ස්පොර්ට් මීට් එක දවසට කරන්න....අනිත් ස්පොර්ට්ස් මීට් එකට කලින්නේ ප්ලේ කරන්නෙ....

ඉතින් මුලින්ම Grade 6 - 7 දෙකට වෙන් වෙලා තිබ්බේ ටීම් ඉවෙන්ට්ස් ටික.... තව රනින් ඉවෙන්ට්ස්..... ඊට පස්සෙ Grade 8 -9 හයි ජම්ජ් , ලොන්ග් ජම්ප් , රනින් ඉවෙන්ට්ස් ඔය ටික තමා ලොකුවටම තිබ්බෙ....

ඉතින් අභිමන් අයියගෙ කතාව ඉවර උනාට පස්සෙ කතා කරන්න ඉදියෙ අකිත් අයියා.. අකිත් අයියා කතා කරන්න ගන්නකොට මට , මගෙ එහා පැත්තේ රො එකේ ඉදපු සහ්‍රස දිහා ඉබෙටම වගේ බැලෙද්දි ඌත් මන් දිහා බලල ඇස් වලින් අපිට ටිකක් දුරින් අශාන් එක්ක ඉදපු  දේශ්ව පෙන්නද්දි මන් තොල් දෙක තද කරගෙන ඔලුව බිමට හරව ගත්තා..

ම්ම්ම් ලස්සන තණකොළ.....????

ඉතින් ඊට පස්සෙ ඒ කතාවල් ඉවර කරල කට්ටිය ආයෙම එක එක ඉවෙන්ට්ස් වලට තෝර ගන්න වැඩ ටික පටන් ගත්තා... අපෙ සහ්‍රසයි දේශ් දෙන්නා උන්ගේ හවුස් එකෙ කැපා එක්ක වැඩ වලට සෙට් වෙද්දි මමයි අශාන් දෙන්නයිත් නිමේශ් අයියා එක්ක අපෙ හවුස් එකෙ පොඩි ලමයි ඉදපු පැත්තට ගියා... මුලින්ම තිබ්බේ පොඩි අයගෙ ටීම් ඉවෙන්ට්ස් ටික බලන්න.. නිමේශ් අයියා මට ෆයිල් එක්කකුත් එක්ක පෑනක් දීලා පොඩි ලමයි දැන් ලැහැස්ති කරල තිබ්බ පැත්තට යැව්වා..

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now