14 කොටස

41 3 0
                                    


සාහිත් අයියා ශනල් අයියා එක්ක පාඩුවෙ පැත්තකට වෙලා හරි හරියට මොනවද කියවනවා බලාගෙන ඉදපු මම කට කොනින් හිනා වෙලා ආයෙම අපෙ උන්ගෙ කතාවල් වලට කන් දුන්නෙ හෙට ආයෙම ඉස්කොලෙ යන්නත් තියෙනවා නෙද කියන එක මතක් කර කර...

වෙලාවට හෙටනම් ලමයින්ව ග්‍රවුන්ඩ් දාගෙන නටන්න ඔනෙ නෑ... මේ මාසෙත් තව දවස් දෙකකින් ඉවරයි.... එතකොට පෙබරවාරී ඉතින් සම්පූර්ණයෙන්ම ස්පොර්ට් මීට් වැඩෙට තමයි... කොහොමත් අද ගෙදර ගිහින් මට හවුස් ඩෙකරේශන්ස් ගැන හොද අයිඩියා ටිකක් හොයා ගන්නත් ඔනෙ... නීමෙශ් අයියට කොල් එකක් ගන්නත් ඔනෙ...

ආර්හ් වැඩ ගොඩයි දෙයියනෙ.....

එහෙන් හෙට හවස ප්‍රැක්ටිස් ඉන්න වෙන්නෙත් නෑ කෙම් ක්ලාස් යන්නත් තියෙනවා..... අයියො පෙපර් එකක් කරන්නත් තියෙනවා ඒ අස්සෙ.... අදනම් නිදා ගන්න වෙන්නෙත් නැතිවෙයි සගොර්..

" ඒ ශාකී බලාගෙන............... "

එක එක මනො විකාර හිත හිත ඉදපු මම ඉස්සරහින් ආපු කාගෙ හරි ඇගක වැදිලා එහෙමම පිටි පස්සට ඇදගෙන වැටෙන්න ගියපු පාර අශාන් මගෙ ඉණ වටෙ අතක් දලා මාව ලගට ඇදල ගත්තා... වෙලවට කොල්ලා මාව අල්ලගත්තෙ නැත්තන් මම එහෙමම ගිහින් එහා පැත්තෙ තිබ්බ ටෙබල් එක ඔලුව ඇන ගන්නවා සාන්ත..
මාවත් තල්ලු කරගෙන ඈතට යන කෙනා දිහා බලන් ඉදියත් පොර කැප් එකකුත් දාගෙන යන විදිහට මොකකට හරි බය වෙලා කියලනම් මට කැට තියල කියන්න පුලුවන්... මොකද උගෙ කකුල් දෙක ලාවට වෙව්ලනවා මට හොදට පෙනවා..

ඒත් කවුද ඒ අනික ඌ අවෙත් වොශ් රූම් එක පැත්තෙ ඉදන් ??

මොකෙක් හරි කමක් නෑ මට වැඩක්ද නෑනෙ.. නෑනෙ.... මන් මාව අල්ලගෙන ඉන්න අශාන්ගෙ පැත්තට හැරිලා කොල්ලගෙ කම්බුලට පොඩි තට්ටුවක් දැම්මෙ තැන්ක්ස් කරන්න.........මගෙ තැන්ක්ස් කිරිල්ලට පොරට හිනා ගිහින් මගෙ කම්බුලට හාදුවක් තියලා මගෙ කර වටෙ තව මදිවට අතකුත් යවලා ආයෙම කට්ටිය එක්ක කතාවට සෙට් උනා.

හුගක් වෙලාවට අපෙ සෙට් එකෙ හුරතලා උනේ මම..... ඒහෙමයි කියලා නෑ පොඩ්ඩ ඇවිසුන ගමන් මාරාවෙසෙ අරගෙන කිරි කොරහා නටන්නෙත් මමම තමයි... එ වෙලෙට ඉතින් අහුවෙන එකා ඉවරෙටම ඉවරයි ඉතින්... සහ්‍රසත් කතාවෙන්ම මගෙ ලගට ඇවිත් මගෙ ඉණ වටේ අතක් දා ගත්තට පස්සෙ දේශ් මගෙ අත් දෙකෙන් එල්ලිලා... දැන් සෙරමලා හොදට කයිය ගහනවා හිටගෙන මොක්කුද එවුන් වගෙ..

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now