01 කොටස

123 2 0
                                    

" මේ පිස්සු හුත්තට අපි කියන මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ බන්.. "

" ඔව් ඔව් අසානයො... ඒකනම් සිරා කතාව බලපන් දැනුත් මොනවත් නොවුන ගානට ඉන්න හැටි..... "

" ඒ ශාකී උබට මේ ගැන කිසි ගානක් නැද්ද බන්.....! "

කොච්චර කිව්වත් ඔච්චර තමයි මම්ලි.. මමත් මෙතන මාව මැදි කරගෙන දෙහි කප කප ඉන්න යාලුවො තුන්දෙනා දිහා ඔලුව පොඩ්ඩක් උස්සල බලල කින්ඩියට කට කොනින් හිනාවක් දුන්නෙ මොනා උනත් කෑ ගහලම අමාරු නිසා...

" අර බලපන් අර බලපන්... මේ වලන්තයාගෙ ඔන්න ඔය වලත්ත දුඹුරු ඇස් දෙකයි වලන්ත හිනාවයි නිසා තමා මේ සේරම..... ! "

" දේශ් හිමින් කතා කරපන් බන්... වටෙ උනුත් බලනව.... "

" ඉතින් බලන්න කියපන්.... මේ ගොබිලස්ට කොහොම කිව්වත් ඔහොම තමා... "

යාලුවො තුන්දෙනාට බැනගන්න දීපූ මම ඔඩර් කරපු veg pizza එකයි , බිත්තර තොසෙ එකටයි , සමොසා එකටයි වග කියල ටිශූ එකකින් කටත් පිහිදගෙන අතත් හොදගෙන ජූස් එකකුත් අරගෙන ඇවිත් ඒකත් කටෙ ගහගෙනම ආයෙම මම කර කර ඉදපු වැඩෙ කරල ඉවරයක් කරන්න ගත්තා..

එහෙට දුවනවයි මෙහෙට දුවනයි ඇරෙන්න හරියට පාඩම් වැඩ ටිකවත් කරගන්න වෙලාවක් නැති නිසා හම්බෙන පොඩි විනාඩියෙත් මන් කරන්නෙ පාඩන් වැඩ තමයි.. සුදු කොට ශොටයි , t - ශර්ට් එකයි ඇදල එකට සුදු කැප් එක දාලා අත් දෙකෙත් සුදු පාට sweatband දෙකක් දාගෙන ඉදපු මම කැප් එක ටිකක් ඇස් දෙක වැහෙන්නම දාගෙන දකුණු අතෙ තිබ්බ sweatband එක ගලවල මගෙ ස්පොර්ට් බෑග් එකට දාගත්තා..

ඉතින් මන් මගෙ පාඩුවෙ වැඩ කරද්දි මෙච්චර වෙලා මට බැන බැන ඉදපු යාලුවො ටික ඉස්කොලෙ ඩීඑච් පීටයි අනිත් ටොප් බොර්ඩ් එකෙ උන්ටයි බනින්න ගත්ත නිසා ආයෙම ඔලුව උස්සල කට කොනින් දේශ්ට හිනා උන මම ආයෙම ඇස් දෙක පොතට අලවගත්තා...

මන් දන්නැද්ද දේශ්ගෙ තරම......

" ආර්හ් සුදු මහත්තයා වැඩ කරල ඉවරයි වගෙ.... "

දේශ් මන් පොත් ටික වහල බෑග් එකට දාගන්නව බාලගෙන ඉදල ඇහුව එකට මන් ආයෙම කට කොනින් ඌට හිනාවෙලා බෑග් අස් කරගත්තා.. ඊට පස්සෙ ගත්ත ජූස් එකත් බීලා ඉවර කරල එහෙමම නැගිට්ටෙ අතට අරගෙන තිබ්බ ෆොන් එකත් ඔන් කරල වෙලාව බලන ගමන්..

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now