41 කොටස

27 2 0
                                    

ඉතින් ආයෙම සුපුරුදු පරිදි උදේ පාන්දර පහට නැගිට්ට මම මුන ටිකක් හොදගෙන එහෙමම ජිම් එක පැත්තට ගියපු මම ආයෙම හය වෙනකල් වර්ක්වුට් පාරකුත් දලා ඇවිත් හොදට නා ගත්තා...

අදත් දවසම ක්ලාස් නිසා ඇදගෙන යන්න නාලා ටවල් එකත් බාගෙට පටලනගෙන අල්මාරියත් හෑයි ගාලා ඇරගෙන ඇදුමක් හොයපු මම රතු පාට පොලො ටි ශර්ට් එකකට කලු රිප්ඩ් ජීන් එකකුයි සුදු ශූස් දෙකකුයි දාගෙන රතු පාට මගෙ අතටත් වඩා ලොකු වොච් එකකුත් දාගෙන රොස මලක් වගෙ ලැහැස්ති උනා..

හී දැන්නම් මන් රතු රෝස මලක් වගෙමයි අම්මේහ්...... ඉරිසියයිත් වගෙ.. හුම්ක් !!

ඒ ලැහැස්ති වෙලා ඉවර වෙලා අශාන් මට වැලන්ටයින් ඩේ එකට දීපූ ගිෆ්ට් ෆර්පියුම් එකත් ඔලුව වටෙයි ඇග පුරාමයි ගහගෙන කොන්ඩෙත් පොඩ්ඩක් ගඩලා ඇස් දෙකට වැටෙන විදිහට දලා ක්ලාස් බෑග් එකත් අරගෙන ෆොන් එකයි වොලට් එකයිත් කලිසමෙ සාක්කුවෙ ඔබාගෙන මන් ආවෙ පහල සාලෙට...

" පුතා අද කෑම එකක් අරන් යනවා නේද ? "

" ඔව් සිරි මාමේ අද මායි සහ්‍රසයි විතරයි ඉන්නෙ ආයෙ කඩෙන් කන්න යන්න බැ වගෙ අනිත් දෙන්නත් නැති හින්දා.. "

අද දේශ්, අශාන් දෙන්නට උදෙ ඉදන්ම උන්ගෙ බිග් මැච් එක ලගම එන හින්දම ප්‍රැක්ටිස් දාලා දැන් උන් දෙන්නට ක්ලාස් එන්න වෙන්නෙත් නෑ බිග් මැච් එක ඉවර වෙනකල්.. ඉතින් අද ඉතුරු වෙල ඉදියේ මමයි සහ්‍රසයි විතරයි ක්ලාස් යන්න...

ඒක හින්දා ඌටයි මටයි කෑම එකක් සිරි මාමාට කියලා ඔතාගෙන මන් එහෙමම ගියේ මගෙ කාර් එක ගාවට... අද මායි සහ්‍රසයි දෙන්න ක්ලාස් ඇරිලා එහෙමම යන්නෙ ඉස්කොලෙට අරුන් දෙන්නා බලන්න..

පව් මගෙ පොඩි උන් දෙන්නා නැහෙනවා..

ඉතින් කාර් එකට නැගලා පිටි පස්සෙ ශීට් එකට මගෙ ක්ලාස් බෑග් එකයි , කෑම එකයි දලා මන් ඩ්‍රිවින් ශීට් එකට බර දීලා ශේඩ්ස් දෙකත් ඇස් දෙකත් දාගෙන කාර් එකත් ස්ටාට් කරලා එහෙමම වත්ත ඇතුලෙන් වාහනෙ පාරට දා ගත්ත මම ,

මගෙ ස්පොටිෆි ප්ලේ ලිස්ට් එකෙන් සින්දුවක් කනෙක්ට් කරලා කාර් එක ඇතුලෙ තිබ්බ නිහඩතාවය බිදලා දැම්මා...

" ආදරණීය ප්‍රාර්ථනා.. " Where stories live. Discover now