බස් එකට නැග්ගට පස්සෙ මල්ලි මා දිහා කීපසැරයක්ම බැලුවත් මොකුත් අහන්න ආවෙ නෑ...........
මට තේරෙන්නෙ නෑ මල්ලි මන් ගැන වදවෙන එක ගැන සතුටු වෙන්නද එපාද කියලා...මොකද මට මේ වෙලාවෙ හිතෙන්නෙ අර රණ්ඩුව ගැන විතරයි..අනේ එයාලා මොනා කරගත්තද දන්නේ නෑ.......මන් නිසානෙ මේ ඔක්කොම එක්කො මට යසිරු එකක් කතා කරන්න තිබ්බෙ...දමිරුලා කියුවනෙ කතාවට ආවොත් මගෑරලා යන්න කියලා.......
අනේ කට්ටිය තුවාලද දන්නෙත් නෑ.....අනිත් අය කියන එක හරි මන් නම් හැමෝටම කරැමයක් ,..මන් යන යන තැන ප්‍රශ්න.......
" අයියෙ....එන්න දැන් බහින්න ඕනි.."
මන් හිටපු කල්පනාවෙන් එළියට ආවෙ මල්ලි කතා කරපු නිසා...ඇත්තටම මට මල්ලිව තේරුම් ගන්න බෑ...එයා හැඟීම් පෙන්නනෙ නෑ...ඒත් ඇත්තටම අද මට තේරැනා කොච්චර නපුරු වෙන්න හැදුවත් එයත් මට ආදරෙයි කියලා......
ගෙදරට ආපුගමන් වෙනදට කුස්සියට යන මම අද කෙලින්ම ගියේ කමරේට...
' මන් කොහොමද දැන් වෙච්චදේ දැනගන්නෙ....එයාට කොහොමද දන්නෙ නෑ '
නාලා ඇඳුම් මාරු කරන් ආවත් මට අද කන්න යන්නවත් හිතුනෙ නෑ...මේක මෙච්චර ප්‍රශ්නයක් වෙන්න ඕනි දෙයක් නෙවෙයි...දැන් ඉතින් හෙට මම දමිරුටයි ශෙනිරුටයි මොනාද කියන්නෙ..................
කල්පනාකර කර කර හිටපු මට කීයට නින්ද ගියාද දන්නෙ නෑ....
Nelisha Pov
මායි මනුජයි , රිසිදයි හිටියෙ class ඉවරවෙලා එළියට ඇවිත්...
" ඒ බං අර අලුත් එකා නේද ...කවුද මේ නම....."
" සයාශ්ද කොහෙද මනුජයා...පොරත් අද class එකට ඇවිත් වගේ...."
" හම්.... ලස්සනයිනේ බං....."
" මොකක්....රිසිදයා මට ඇහුන එකමද උඹටත් ඇහුනෙ.....ඒ බං නෙලීෂ උඹ කියුවෙ ලස්සනයි කියලද..."
" මන් කියුවෙ බං කාටද පිස්සු කියලා ලඟදිම බලාගන්න පුළුවන් වෙයි කියලා..."
"අනේ බං මන් හිතන්නෙ මන් උට කැමතියි...."
" අඩෝ හු#$ ,තෝ බල්#............ඌ කොල්ලෙක්නෙ යකෝ...."
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanfictionඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "