Chapter 20 ✨

637 36 6
                                    

"  කොහෙ ගිහින් ද එන්නෙ තමුන් ..? "

ගෙට එනකොටම ඉතින් එහෙම ඇහුවෙ මල්ලිගෙ අම්මා තමා....

" හවස ක්ලාස් එක තිබුණෙ නැති නිසා යාලුවෙක්ගෙ ගෙදර ගියා..."

" තමුන්ට දීල තියෙන නිදහස හොඳටම වැඩී... යාළුවගෙ ගෙදර කියුවට කොහෙ එකෙක් ද වත් දන්නෙ නෑනෙ...."

"......................"

මම මොකුත්ම නොකියා කාමරේට ආවා...කෑම කෑවෙ හවස නිසා මන් රෑට කන්න ගියෙත් නෑ....  පාඩම්  කරන්න කියලා ඉඳගත්තහම මට මතක් උනේ අයාන් දීපු චොකලට් ටික මන් ඒකෙන් එකක් අරන් කන්න ගත්තා... ඉක්මනට කේන්ති ගියාට එයාට තියෙන්නෙ හරි ආදරනීය හදවතක්.... පිටින් කොච්චර තද මනුස්සයෙක් කියලා පෙන්නන්න හැදුවත් එයා එහෙම නෑ... අද අම්මා කියපු දේවල් වලින් මට ඒක තේරුණා...

🌄🌄🌄🌄🌄🌄🌄🌄

අද ඉතින් ඉරිදා නිසා දවසම ගෙදර තමා ....අදත් ඉතින් හැමදාම වගේ උදේට  එන මැසේජ් ඇවිත්....

" 📥 good morning sudu..."

මාත් ඉතින් පුරුදු විදිහටම රිප්ලයි එක දැම්මා... ඒත් එක්කම වගේ ආයෙ මැසේජ් එකක් ආවා... ඒත් ඒ අයාන්ගෙන්  නම් නෙවෙයි....unknown number එකකින්.....

"  📩  Hy baba..... "

" kaud oya "

"📩 oh mand ... oya hodtm dann kenek.... heta scl awahma  parana Libya eka gawat enn baba ... aniwaren... thaniyam "

" e mokatd.... oya kaud...? "

" 📩 kaud kiyala  awithma balann ... awe nattam oygei boyfriendgei love eka mulu scl ekam dana gani...

Anika dan maw block kalat wadak na therund.... e nisa heta udem enn .... I m waiting for you baby..."

කවුද මේ... කවරු උනත් ඉස්කෝලෙම කෙනෙක් මන් දැන් මොකද කරන්නෙ අයාන්ට කියනවද.... නෑ නෑ එහෙම උනොත්  මට යන්න වෙන්නෙ නෑ එතකොට අරයා කියපු විදිහට ඉස්කෝලෙ පුරා අපි දෙන්නා ගැන කතාව පතුරුවයි.... ඒක අයාන්ට හොඳ නෑ.... ගෙදරින් දැන ගත්තොත් මට මොනා වෙයිද දන්නෙත් නෑ....

ඉතින් මන් තීරණය කලා ගිහින්ම බලන් න



Nelisha Pov

අද උදේ බස් එකට නැග්ගා මන් ඉතින් පුරුදු විදිහටම ගියේ මගෙ සුදූ  ඉන්න ෂීට් එක ළඟට... වෙනදා වගේම කතා කලත් එයාගෙ මූණ අද අමුතුයි.... මන් කෙලින්ම අහන්නත් හදලා ආයෙත් ටිකක් හොයලා බලන්න හිතා ගත්තා..

මේඝ ( Ongoing )Where stories live. Discover now