" මේඝ......මොකද උනේ...ඇයි කෑ ගැහු.....ඇයි මේ ඇස්වල කඳුළු පිරිලා..............අයියා!!! තමුසෙ මොකද කලේ...."
ඒ වෙලාවෙ බීම වීදුරු දෙකකුත් අරන් කාමරේට ආව අයාන් කෙලින්ම ආවෙ මා ලඟට.... එයාට මන් අව් කියලා කෑගහපු එක ඇහිලා තිබුණා... රිදුන එකට ඒ වෙනකොටත් මගේ ඇස්වල කඳුළු පිරිලා තිබ්බා...ඇස්වල කඳුළු ඇයි අහපු අයාන් කෙලින්ම හැරුනෙ අර අයියගෙ දිහාවට ..... එයා පෙනුමෙන් ටිකක් අයාන් වගේ .... අයියා කියලනෙ කතා කලෙත් මේ එයාගෙ අයියා වෙන්න ඇති ... පොලීසියේ ද කොහෙද වැඩ කරන්නෙ යුනිෆෝම් එකෙන්නෙ ඉන්නෙ......
" සොරි බං ....මන් හිතුවෙ උඹ කියලා .....
රිදුනද මල්ලි කෝ එන්න..."අයාන්ට උත්තර දීපු අයියා රිදුනද කියලා අහලා මාව ලඟට අරගෙන පිට අතගෑවා... ඉත් එක්කම වගේ සද්දෙන්ම බීම වීදුරු දෙක මේසෙ උඩින් තියපු අයාන් මාව ඇදලා එයා ලඟට ගත්තා...
" තමුසෙ ගැහුවද... ඔයා අතගාන්න එන්න ඕනි නෑ මම බලා ගන්නම්..."
" අනේ මේ උඹගෙ එකාව අත ගාන්න මට කහන්නෙ නෑ ....මමනෙ ගැහුවෙ ඒකයි බැලුවෙ...... මම යනවා .... ආයෙත් සොරි මල්ලි ඈ....."
එහෙම කියාගෙන අයියා කාමරෙන් එලියට ගියා..... අයාන් එහෙමම මගේ පැත්තට හැරුනා.... ඒ ඇස් දුකින්ද...... මට රිදුන නිසා...... නැත්තම් ඉරිසියාවෙන් ද..........
" කෝ එනවා..... රිදුන ද ..... තමුසෙත් ඉන්නවා නේද ඕනි කෙනෙක් අතගානකන්...."
" අනේ එහෙම නෑ..... ඒ ඔයාගෙ අයියානෙ...."
" අයියා උනාට මම නෙවෙයි නෙ...මම කැමති නෑ මගේ දේවල් වෙන කෙනෙක් අල්ලනවට....."
" නපුරැකම තියෙන...රිදුන එක ගැන ගානක්වත් නෑ..ම්හුක්..."
" මොනාද තමුසෙ තනියම කුටු කුටු ගාන්නෙ.. ඇහෙන්න කියනවා..."
ඇහෙන්න කියන්නෙ කියුවොත් හොඳට තියෙයි... හැබැයි මන් ආසයි මෙයාගෙ මේ නපුරුකමට.... මුල්ම දවසෙ ඉඳන්න මන් ඒකට හිත යටින් ආස උනා ...ඕවා
කියන්න බෑ ...මන් බයයිනෙ....." ආ.... දැන් මේක බීලා ඉන්න...ම්ම් "
එයා මගෙ දිහාවට ගෙනාපු බීම වීදුරු දික්කලා..... එයත් එයාගෙ බීම එක අරගෙන බොන්න ගත්තත් ඒ ඇස් තිබුනෙම මගෙ මූණෙ....
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanfictionඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "