මේඝ Pov
කතා කර කර හිටපු මට ඉතුරු ටික සම්පූර්ණ කරන්න උනේ නෑ.... මොකද අයාන් එක පාරටම හාදුවක් තිබ්බා වෙන කොහෙටවත් නෙවෙයි ලිප්ස් වලට...... දෙයියනේ මගේ පපුව තවත් වේගෙන් ගැහෙනවා දැන්නම්..... පළවෙනි හාදුව ඒ....ඒ කත් මෙහෙම වෙලාවක.. එයා මගෙ ලිප්ස් අල්ලගත්තෙ හරි පරිස්සමට... හරියට රිදෙයි කියලා බයෙන් වගේ..... මට ඒකට හවුල් වෙන්න නොතේරෙන නිසා මම එයාටම අවස්ථාව දුන්නා....විනාඩි ගානකට පස්සෙ මගෙ ලිප්ස් අතෑරපු අයාන් මගේ නලලට තොල් තදකරා....
"ම්ම්..දැන් හරි නේද සුදූ ... ඌ කරපුවා ගැන නොහිතා දැන් මේක ගැන හිත හිත ඉන්නකො...."
දැන්නම් එය දිහා කෙලින් බලන්නත් ලැජ්ජයි වගේ..... මම මොකුත් නොකියා බිම බලාගෙන සපත්තුවෙන් පොලොවෙ බලි කුරුටු අඳින ගමන් හිටියා...
"යකෝ...මේකගෙ ලැජ්ජාව.... රතු වෙලා ආයෙත් කන්න හිතෙනවා.....
කෝ මේ බලන්න...."
බිමට හරවගෙන හිටපු මගෙ මූණ එයාගෙ පැත්තට හරව ගත්තු අයාන් මගෙ ඇස්වල ඉතුරුවෙලා තිබුන කඳුළු හෙමින් පිහදලා දැම්මා...
" දැන් යමු.... අරුන් නැත්තම් කැලෑ පත්තරත් ගහලා තියෙයි..."
අපි දෙන්නා හෙමින් පන්තිට එන්න ආවා.... දැන් ඉතින් ගිහින් ප්‍රැක්ටිස් යන්න ඕනිනෙ.... ආයෙ ඉතින් මෙයාව දකින්න වෙන්නෙ ඉන්ටවල් එකට තමා......
" මොකද මේ අයෙත් මුණ අකුලගෙන හිනා වෙලා ඉන්නවකො සුදූ..."
" ආයෙ දකින්න වෙන්නෙ ඉන්ටවල් එකටනෙ..."
" ආ ... ඒකද මේ.... එච්චර ආසද මේ මාව දකින්න..... පුළුවන් හැම වෙලේම පේන්න එන්නම් හරිද.....ම්ම් "
මුල ටික හිනාවෙලා කියපු අයාන් අන්තිම ටික කියුවෙ මගෙ ඔලුවත් අතගාල .....
" ආ....ආ.... උඹලා දෙන්නා ආවද කොහෙද යකෝ හිටියෙ..."
අපි පන්තියට යනකොට එලියෙ කොරිඩෝ එකට වෙලා දමිරු,ශෙනිරු එකක් මනුජයි රිසිදයි කතා කර කර හිටියා...මේ දවස්වල ටීචස්ලා වැඩිය පන්ති වලට නොඑන නිසා මෙහෙම තමයි ළමයි තැන් තැන්වල....
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanfictionඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "