මේ සතිය සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා....බදාදා පන්ති ගියා ..අයාන් මාත් එක්කම හිටියා......තාත්තත් ආපහු ආවා...ලක්ෂිත අයියා බස් එකේදි හම්බුනත් මල්ලියි අයානුයි ඉන්න නිසා වැඩි කතාවට ආවෙත් නෑ..එහෙමයි කියලා කට වහගෙන හිටයෙත් නෑ අපිට ඇහෙන්න එක එක දේවල් නම් කියුවා.....band practice සිකුරාදා තිබුනා මිස් කියුවා exam වලින් පස්සෙ මැෂිමන්ට් ගන්නවා කියලා......සෙනසුරාදා නම් ඉතින් පන්ති....ඉරිදා නම් මන් දවසම පාඩම් කළා... කොහොම හරි ඉතින් දවස් ගෙවිලා වාර විභාගෙ පටන් ගන්න දවසත් ආවා ....
අද ඉතින් 1st term test එක පටන් ගන්නවා..මල්ලිට නම් ඊයෙ පටන් අරන් තිබ්බා....මුලින්ම තියෙන්නෙ bio මන් ඉතින් කෝකටත් කියලා බස් එකේ යනකොටත් පොත පොඩ්ඩක් බැලුවා...කොච්චර බැලුවත් වැඩි වෙන්නෙ නම් නෑ ඉතින් මොකද බයෝවල හැඳින්වීමක එක වචනයක් වෙනස් වුනත් ඇති ලකුණු අඩු වෙන්න.
" අහම් good morning ළමයා..පාඩම් කරනවද.......මටත් එක්කම කරන්න එහෙනම්..."
" අයාන්...Good morning....ඇයි ඒ ඔයා පාඩම් කළානේ....ඊයේ කියුවෙ පාඩම් කරන ගමන් කියලා.."
ඊයෙ මැසේජ් කරපු වෙලාවෙ කියුවා ඉතින් එයාත් පාඩම් කරන ගමන් කියලා. ඔය දැන් ඉතින් බොරුවට...
" එහෙම තමයි ඉතින්.....ආ මල්ලි..Good morning..."
" ම්ම් .... මෝනින්.."
අපි දෙන්නා පන්තියට එනකොට ඇවිත් හිටිය ළමයි හැමෝම වගේ පොත්වල ඔලුව ඔබාගෙන පාඩම් කරනවා.....ගාථා කියලා ඉස්කෝලෙ පටන් ගත්තු ගමන් මිස්ලා ඇවිල්ලා පේපර්ස් බෙදාගෙන ගියා......ළමයි ඉතින් ලියාගෙන ලියාගෙන යනවා ඔය අතරෙ ඉතින් මිස් එහා මෙහා වෙනකන් ඉඳලා කොල කෑලිත් අරෙහෙන් මෙහෙන් පා වෙලා යනවා.....මාත් ඉතින් පුළුවන් උපරිමයෙන් ලියුවා...එහෙමම ඉතින් මේ සතියම විභාගෙත් එක්ක ගෙවිලා ගියා ලබන සතියේ සිකුරාදා වෙනකොට ලකුණු දීලා දෙමාපිය රැස්වීම් තියෙනවා කියුවා......
" හම්මේ බං එහෙනම් ඒකත් ඉවරයි....ඊලඟට මොකක්ද..."
" ස්පෝර්ට් මීට් බීෂනේ බං ...."
" හම්මට...ඔව් නේ බං...."
" ඒ ශෙනිරු හෙට ක්ලාස් නෑලු නේද "
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanfictionඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "