Nelisha Pov
අද මේඝ ඉස්කෝලෙ ආවෙ නෑ ...අසනීපයක් ද දන්නෙ නෑ...කියුවෙත් නෑනෙ මොකුත්..ඊයෙ උදේ නම් කියුවෙ තාත්තලා දවස් තුනකට විතර නුවර ගියා කියලා... ශේප් එකේ හවසට ගිහින් බැලුවනම් හරිත් වගේ...
" මනුජ ...මන් මේ බලාගෙන ඉන්නෙ මොනාද තෝ කල්පනා කරන්නෙ.."
" මම....මොකුත් නෑ රිසිදයා..."
රිසිද කියන කතාව හරි මාත් බලාගෙන දැන් ටික දවසක ඉඳලා මූ මනෝ ගහ ගත්තු ගමන්..
" නැත්තෙ නෑ මාත් බලාගෙන හිටියෙ..ප්රශ්නයක් නම් කියහන් බං ... අපි පොඩි කාලෙ ඉඳලා එකටම හිටියෙ ...උඹේ වෙනස අපි අඳුරනවා.."
" ඒකනෙ නෙලීෂ....කතා කරහන් බං ..තොට අපිට කියන්න බැරි ඒවත් තියෙනව ද..."
" එහෙම නෙවේ බං... මේකයි මේ .."
" ඔව් ඉතින් කියහන්.."
" මන් හිතන්නෙ මම ශෙනිරුට කැමතියි බං..."
" උඹ සිරාද කියන්නෙ..."
" ඔව් බං නෙලීෂ ඔව්...අනේ මන්ද බං මට ඉස්සර ඉඳලම ඒකා එක්ක රණ්ඩු නොකරොත් කෑවෙ නෑ වගේ... මන් වැඩිය හිතන්න නොගියත් මට දැන් තේරෙනවා මට ඌ ගැන හැඟීමක් තියෙනවා බං...ඒත් ඕක උට කියුවහම තේරුම් ගනීද බං.."
" ම්ම් ..ඕකගෙ හැටියට කියන්න බෑ ඉතින්...උඹට ඕනෙ දේකට අපි ඉන්නව ..."
" තැන්ක්ස් නෙලීෂ...උඹයි රිසිදයි මට හයියක් බං..."
මනුජ මොන දේ විහිළුවට ගත්තත් හැඟීම් විහිළුවට ගන්න එකෙක් නෙවෙයි කියන්න මං හොඳට දන්නවා..අපි තුන්දෙනා පොඩි කාලෙ ඉඳලා එකට සිටපු උන්... අපි එකාට එකා නොදන්න මගුලක් නෑ උන්ගෙ ගෙවල් අපේ ගෙවල් කියලා වෙනසකුත් නෑ...
අද දවසම ඉගැන්නුව... ස්පෝට් මීට් එකේ දවස් කවර් වෙන්නත් එක්ක..
හවස ඉතින් මායි අරුන් දෙන්නයි කතා උනේ මේඝගෙ ගෙවල් පැත්තෙ රවුමක් දාලා බලන්න...කතා උන විදිහටම මනුජයි රිසිදයි හවස හතරට විතර අපේ ගෙදරට ආවා..
" මනීෂා කෙල්ලේහ්.... මනුජ පුතා ආවා..."
" ඇයි තෝ විතරද... රිසිද පුතත් ඇවිත් ඉන්නේහ්..."
YOU ARE READING
මේඝ ( Ongoing )
Fiksi Penggemarඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "