Nelisha Pov
මන් අද උදේ ඉස්කෝලෙ එන්න බස් එකට නැග්ගහම දැක්කා මේඝ තනියම ඉන්නවා. මල්ලි නැද්ද කොහෙද අද..එයා ලඟ ඉඩ තිබ්බ නිසා මන් ගිහින් ඉඳගත්තා ඒත් එයා ඒකවත් දන්නෙ නෑ වෙන කල්පනාවක මූණත් එක්ක රතුවෙලා ඒ මදිවට අතත් බැන්ඩේජ් කරලා..මේ කොල්ලාට මොනා වෙලාද...පන්තියට ඇවිල්ලත් එයා දමිරුව මගෑරලා washroom පැත්තට ගියා මාත් එහෙමම එයාගෙ පස්සෙන් ගියා....ඔව් එයා අඬලා...ඒ මූණ ....කවුරු හරි ගහලා තියෙනවා...මගේ අත් මිට මෙලවුනා.....කවුද මේ වගේ අහිංසකයෙක්ට අත උස්සන්නෙ.....එයාගෙ ඇහුවත් කියුවෙ නැති තැන ...මට තවත් හිරකරගෙන ඉන්න බැරි වුනා..මන් එයාට ආදරෙයි කියුවා.... එයාගෙ උත්තරේ මොකක් වෙයිද කියලා මට දැන්ම දැන ගන්න ඕනි නෑ..... අම්මි කියුවා පරක්කු වෙන්න කලින් කියන්න කියලා ඉතින් මන් කියුවා .........
' ආහ් මන් හදිස්සි උනාද මන්දා....එයා කැමති නෑ කියුවොත්..නෑ නෑ එහෙම වෙන්නේ නෑ......'
" නෙලීෂ උඹ මොන ලෝකෙද බං ඉන්නෙ..මන් උදේ ඉඳන් බලාගෙන "
" අනේ බං රිසිද.....මන්...මන්...."
" ඔව් උඹ මොකක්ද.....අර සර් කාරයා එහෙම දැක්කොත් තෝයි මායි දෙන්නම එලියෙ යකෝ....කියහන් "
" මන් මේඝට ආදරෙයි කියුවා..."
" හා ඉතින්....ඈහ්...ම්..මොකක් කියුවා... හුත්තෝ...!!!"
" රිසිද !!! නෙලීෂ!! තමුන්ලා දෙන්නා ඔතන වෙනම පාඩමක් ද ....නැගිටිනවා දෙන්නම.................. ආ අනිත් මහත්තයා උඹ නිදිද නැගිටපන්..තුන්දෙනාම එලියට.........................අනිත් ළමයි අහගන්න අපි කොතනද හිටියේ.............................................."
රිසිදයට ඒක කියුවා විතරයි ඌ මහ හයියෙන් මොකක්ද කියලා ඇහුවා...සර් කාරයට හොඳටම මල පැනලා ...ඒ අස්සේ මනුජයා නිදි අන්තිමට උටත් බැනලා අපි තුන් දෙනාවම එලියට දැම්මා...ෂික් ලැජ්ජාවෙ බෑ ... වෙන දවසක මෙහෙම වුනානම් කමක් නෑ ඒත් දැන් මේඝත් ඉන්නවා....උඹේ නම්බුව ලෙප්ට් නෙලීෂයෝ.....පන්තියෙන් ඵලියට ආව ගමන් රිසිද මගෙ බෙල්ලෙන්ම අල්ල ගත්තා මේ හරිය පන්තියට පේන්නෙ නැති නිසා හොඳයි.
" යකෝ නෙලීෂ උඹව කොටියම කන්න එපැයි.........තෝ ...තෝ...බල්# "
" මොකද යකෝ තොපි මරා ගන්නෙ..මට නින්ද ගිය ටිකට මොනාද මගෑරුනෙ...? "
YOU ARE READING
මේඝ ( Ongoing )
Fanficඅහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "