Chapter 1 ✨

1K 39 7
                                    


ට්‍රීං.... ට්‍රීං....ට්‍රීං....⏰

ඔව්..ඔව් ඒ ඇහුනෙ මගේ එලාම් එක තමා...හම් අද අලුත් දවසක්. මන් හිතනවා ඉස්සරහට එන දවස්වත් කලින්ට වඩා හොඳවෙයි කියලා මන් ඇයි එහෙම කියුවෙ කියලා ඔයාලට ඉස්සරහට තේරෙයි

වෙලාව 5.45 යි දැන් ලෑස්ති වෙන්න ඕනි school යන්න. අද තමයි අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස.ඇඳ අස්කරලා uniform එකත් ඇඳ උඩින් තියලා මන් ගියේ bathroom එකට

" යාආආආහ් සීතලයි..."
මන් කරන්න කම්මැලිම වැඩේ තමයි මේක,ඉක්මනට සෝදගෙන එලියට ආපු මම uniform එක ඇඳගෙන ලෑස්ති වුණා. ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මගේ ඕඩිකොලොන් එක..
හිනාවෙන්න එපා මෙයාලා මොන perfume එක වත් මට මේ තරම් සෙට් නෑ.
'හරි එහෙනම් 1...2...3...යමු පහළට ,හිතන්න එපා මේඝ ඔයාට පුළුවන්. '

මන් පහළට යනකොට තාත්තාත් ඉන්නවා ලෑස්ති වෙලා සාලෙ පුටුවකට වෙලා . එයා මන් දිහාවට බැල්මක් දාලා ආයෙත් පත්තරේටම මූණ ඔබා ගත්තා. ඕක කොහොමත් මට පුරුදු දෙයක්..තාත්තා මා එක්ක හරියට කතා කරපු දවසක් මතක නැති තරම් මට මේ ගෙදර කතා කරන්න ඉන්නෙ මෙහෙ වැඩට ඉන්න සුමනම්මයි සිරී මාමයි විතරයි.

එහෙම්මම කෑම මේසෙට ගිහින් කෑමත් කාලා lunch box එකත් බෑග් එකට දාගත්ත මන් හිටියේ මල්ලිත් ලෑස්ති වෙලා එනකන් එයත් අද පරණ ඉස්කෝලෙන් අයින් වෙලා මාත් එක්ක අලුත් ඉස්කෝලෙට එනවා.එයාත් ආවහම අපි යන්න එලියට බැස්සා. තාත්තට වැන්ද මන් මල්ලිගෙ අම්මටත් වැන්දා..

ඔව්,මල්ලිගෙ අම්මා තමයි අපි එක තාත්තාගෙ අම්මලා දෙන්නෙක්ගෙ මගෙ අම්මා නැතිවෙනකොට මට වයස අවුරුදු 2 ක් වගේ. මට එයා ගැන ලොකු මතකයක් නෑ. මල්ලි මාව ගනන් ගන්නෙ නෑ ඒත් මට මල්ලි එක්ක තරහක් නෑ මට සතුටුයි මට නැතත් තාත්තාගෙ ආදරේ එයාට හරි ලැබෙන නිසා..දුකක් නැත්තෙමත් නෑ ඉතින් කමක් නෑ.

ලෝකෙ මිනිස්සුන්ට හැමදේම ලැබෙන්නෙ නැනෙ. අම්මා තාත්තා නැතුව දුක් විඳින ළමයි කොච්චරනම් ඉන්නවද ,ඒ අතින් බලනකොට මට තාත්තා කියන්න කෙනෙක් මගේම නොවුනත් අම්මා කියලා කියන්න කෙනෙකුත් ඉන්නවා.

ආහ් අපි දන්නෙම නැතුව ඉස්කෝලෙටත් ඇවිත් දැන්නම් වෙලාව 7.10ට විතර ඇති.
අම්මෝ...ළමයි ගොඩයි මෙහෙදිවත් මට යාළුවො හම්බෙයිද නමට විතරක් නොවන අය..

"හම්ම් " මට හුස්මක් පිටවුණා. මොනා වුනත් කරන්න දෙයක් නෑ වෙන දේකට මූණ දෙමු මේඝ,කාර් එකෙන් බැස්ස මායි මල්ලියි තාත්තගෙ පස්සෙන්ම office එකට ගියා.
Principal sir එක්ක අපේ විස්තර කතා කරලා අපිව ඉස්කෝලෙට බාරදෙන්න ඕනි දේවල් කරපු තාත්තා මල්ලි එක්ක එයාගෙ පන්තියට යනකොට office එකේ අංකල් කෙනෙක් මට පන්තිය පෙන්නන්න ආවා

අපි පන්ති ගොඩක් පහුකරගෙන Science Section කියලා ගහලා තිබ්බ ලොකු ගොඩනැගිල්ලක් ලගට ආවා මන් හිතන්නෙ පන්සිල් අරන් ඉවර නිසා ඔක්කොම ළමයි classවල වගේ
හිතුවට වඩා මේ ඉස්කෝලෙ ලොකුයි ලස්සනයි

කොහොම හරි අංකල් එක්ක class එකට එනකොට ටීච කෙනෙක් හිටියා .මිස්නම් හරි ලස්සනයි හොඳයි වගේ.

"දිලිනි මිස්,මේ ඉන්නෙ මිස්ගෙ පන්තියට අලුතින් ආව ළමයා.."

අංකල් මාව මිස්ට අඳුන්නල දුන්නා.

" හරි සේරසිංහ අංකල්,..
එන්න පුතා ඇතුළට අපි යාළුවන්ට ඔයාව අඳුන්නල දෙමු."

මාව මිස්ට බාරදුන්න අංකල් යනකොට මිස් මාව පන්තිය ඇතුළට එක්කන් ගියා.

අම්මෝ මේ ළමයින්ගෙ කෑ ගැහිල්ලක මාලු කඩයක් වගේ අප්පා.මෙයාලා එක්ක බලනකොට මන් නිකන් පොඩී වගේ අනේ...

"ළමායි !!කටවල් වහ ගන්නවලා ඔක්කොම. උදේ පාන්දර පටන්ගත්තා පොළ වගේ,දැන් තමුසෙලා පොඩි නෑ..12 වසරෙ ඉන්නෙ මතක තියා ගන්නවලා "

හිතුවට වඩා මිස් සැරයි වගේ. මිස් සද්දෙ දාපු ගමන් ඔක්කොමලා කටවල් වහගත්තා.

" හරි ළමයි, මේ ඉන්නෙ ඔයාලගෙ පන්තියට අලුතින් ආව යාළුවා .
පුතේ , එන්න ඔයාව අඳුන්නල දෙන්න මෙයාලට. "


පළවෙනි එක දුන්නා...💐
අලුත් ඉස්කෝලෙ කොහොම වෙයිද...?
කතාව හොඳද.....?

?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේඝ ( Ongoing )Where stories live. Discover now