Chapter 16 ✨

534 27 1
                                    

" Ok boys listen, කලින් අවුරුදු වල පිට පිට වින් කලේ අපේ හවුස් එක තමයි...ඉතින් අපි මේ පාරත් අපේ තැන රැක ගන්න ඕනි.....ඒක මේ නිවාසෙ භාරව ඉන්න ගුරුවරුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා ඔයාලා දන්නවා නෙ.....ඉතින් අපිට මේ පාරත් හොඳ House caption කෙනෙක් දාගන්න ඕනි and Games caption කෙනෙකුත්.....අපි ඔයාලට අවස්ථාව දෙනවා කැමති කෙනෙක් යෝජනා කරන්න......"

අපේ නිවාසෙ භාරව ඉන්න සර් කෙනෙක් ඇවිත් කතාව පටන් ගත්තා...දැන් ළමයි තැන තැන කුටු කුටු ගගා දාන්න කෙනෙක්ව කතා වෙනවා...

" ඒ මචං නෙලීෂ මල්ලි උඹව ආනවා..ඈ....උඹ කොහොමත් active පොරක්නෙ..."

" ඒ බං සවීන් අයියෙ පිස්සුද බං...උඹලෑ එකෙක්ව දාපන් "

" අපේ උන් අල්ලන්න බෑ බං...එහෙමයි කියලා මැත්ස් එකේ එකෙක් දාන්න බෑ ..ඒකෙන් වෙන්නෙ හවුස් එක දෙකට බෙදෙන එක....උඹ ඕනි එකෙක් එක්ක බැහැලා වැඩනෙ අනික උඹගෙ කටට මුන් බයයි...."

" අනේ බං අයියෙ..."

" උඹ හිටහන්......ඒ ගයානයා මුගෙ නම දාපන්..."

" එල මචං..................සර් අපි නෙලීෂ මල්ලිව යෝජනා කරනවා..."

" මම ඒ යෝජනාව ස්ථිර කරනවා "

" ok එහෙනම් නෙලීෂ තමා එහෙනම් House caption...පුතා එන්න මෙතනට..........."

" මේඝ මෙතනම ඉන්න හරිද.....සවීන් අයියෙ මෙයාව බලහන් ටිකක් ඈ..."

" හරි හරි උඹ පලයන්.....මල්ලි එන්න මෙතනට අපේ උන් එක්ක ඉමු.."

බයෝ එකේම අයියා කෙනෙක් house caption විදිහට අයාන්ව යෝජනා කලා...එයාට සර් එන්න කියලා යනකොට සවීන් කියන අයියා මාව එයාලා ලඟට කතා කර ගත්තා...

" උඹ අලුතෙන් ආව එකෙක් ද කොල්ලො..? "

" ඔව් අයියෙ...."

" ආ ඒක තමා...... ස්පෝට් එකක් කරලා හවුස් එකට සපෝට් එකක් දෙමු...ඈ"

" ස්පෝට් එකක් කරන්නම ඕනිද.... ශෙහානි මිස් වැඩිය ඕවට යන්න එපා කියුවනෙ අයියෙ..."

" ශෙහානි..මේ අපේ බෑන්ඩ් එක බාරව ඉන්න කෙනාද.....උඹ බෑන්ඩ් එකේ ඉන්නවද බං..."

" ඕව්නෙ....ලීඩට.."

" හප්පට එහෙමද එහෙනම් උඹව අල්ලන්න වෙන්නෙ නෑ කොල්ලො...... ඒක නෙවෙයි නෙලීෂ මල්ලි යාළුවා ද "

මේඝ ( Ongoing )Where stories live. Discover now