" උබ යන ඉස්කෝලේ කොච්චර හොදයිද බන්. පොඩි උන් තුන් දෙනා හිල්ලාවෙ ඉස්කෝලෙට දාමු "
" ඔව් නේද බන්. කොච්චර වුණත් අපෙ ගමේ ඉස්කෝලේ හන්දියේ ලොකු ඉස්කෝල වලට වඩා කොච්චර හොදයිද හිලලාවේ ඉස්කෝලේ "
" ඒක තමයි බන්. මට කීප දෙනෙක්ම කියලා තියෙනවා හිල්ලාව හොදයි කියලා. උබත් ආයේ කල්පෙකට වත් ඉස්කෝලේ මාරුවීම් ගන්නෙ නෑ නෙ "
" නෑ බන්. මන් ගිය අවුරුද්දේ පෙබරවාරි නෙ හිල්ලාවට ආවේ. හන්දියේ පද්මාදර එකේනේ හිටියේ කලින් "
මයෙ හාමුයි එයාගේ අයියයි පැටව් තුන් දෙනාව භාර දෙන්න හදන ඉස්කෝලේ ගැන කතා කරනවා. මන් මේ සීතළ ඇතුළට එයි කියලා ජනෙල් රෙදි ටික දාගෙන දාගෙන ගියෙ චූටි මැණිකත් මයෙ කරේ ඉදන් මයෙ ඔලුව බදාගෙන ඉද්දි.
" පීප් පීප් පී.......ප් කු කු.... තූති අප්පත් ති ආන් වෙන්තකු. නුලාදදේ බාසාකලේ ත හපුනුත් මත තමා අප්පත්තිදෙන් ගුති කන්ත වෙන්තෙ අලේ....... "
පැටියා එයාගේ බයිසිකලේ පිටිපස්සෙන් රාහුල් වත් දාගෙන ඉස්සරහ සාල වල් දෙක පුරාම පැදන් යනවා. අපිට ඩිංගක් අරහෙට්ට යන්න බෑ පැටියා පීප් පීප් ගගා කෑ ගහනවා.
" නිදි මතද ම්.... "
" ඒ එහෙම අවුලක් නෑ අයියේ. බෙහෙත් පෙත්තක් බිව්වා ඒක ටිකක් සැරයි වගේ. ටිකකින් හරියයි "
මාත් දැක්කා දැන් ගයාන් සර් නිදි කිරිනවා දාගෙන. ඉස්සරහ කෑල්ලේ කාමරේ ඇද හරි ගැස්සුවා නම් හරි.
" මන් අර කාමරේ ඇද හරි ගස්සන්නම් සර් "
" නෑ නෑ එපා නිලූෂ. එහෙම ඕනී නැහැ "
මන් මයෙ හාමුටත් බැල්මක් දාලා ගියෙ ඇද පොඩ්ඩක් ලෑස්ති කරන්න. මොක නැතත් වලව්වට ආපු මිනිස්සුන්ට සලකන්න එපැයි.
" නා නා තූති අප්පත්ති.. මන් අත්තතම දත්තනෙ තූති අප්පත්ති..... අයියා ඌත හලි ආදේ "
" හරි චූටි මැණිකෙ දැන් ඕකා කොතැනද ඉන්නේ ආ.... යකෝ පැටියෝ මන් වත් දැක්කේ නෑ නෙ "
චූටි මැණිකෙ මයෙ අතිනුත් අල්ලන් එක්ක ගියෙ ඇතුළේ කුස්සියේ කෑල්ලේ ළග තිබ්බ බඩු අනම් මනම් තියෙන කාමරේකට. පැටියා දැකලා තියෙනවා කියන්නේ එයාගේ අයියා නයෙක්ට කිරි දෙනවා . මේ කොල්ලා කරන වැඩ ඇත්තටම. අපිට පපුවේ අමාරුව හදවනවා
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -