එදා ප්රින්සිපල් අපිව සස්පෙන්ඩ් කරලා දවස් දෙකක් ගියා....හවස ගෙදර ආව විදිය දැකලා අම්මා බය උනත් උනේ මොකක්ද කියලා පැහැදිලි කරනකන් ගහන්නෑ කියපු අම්මා මම කියලා ඉවරවෙනවත් එක්කම පිට මැදට අතකින් දීලා අත ඇරියෙ අමාරුවෙන් උන්න මගෙ අමාරුකම් දෙපටින් යනකොට.....හැබැයි ගැහුවෙ එවෙලෙට විතරයි දකින දකින සැරේට බැන්නට අන්තිමට තුවාල හොද වෙනකන් බත් කැව්වෙත් අම්මා.....සස්පෙන්ඩ් කලා කියලා අපේ එකෙක්ට ගානක් නැතිකොට උනුත් මම වගේ ගෙදරට වෙලා ආතල් එකේ උන්නා
කොහොමහරි මේ දවස් දෙකට මම මග ඇරුන ඔක්කොම කොරියන් ඩ්රාමා ටික බලලා කම්ප්ලීට් කලේ පුදුම භක්තියකින්....තව තායි ඒවා නම් දෙක තුනක් නම් බලන්නත් තියනවා....Jack and joker ඩවුන්ලෝඩ් කරගත්තට බලන්න උනේ නෑ....ඒ තියා මම 4 Minute ඩ්රාමා එක බලලා ඉවර කලෙත් මේ ඊයෙ පෙරේදා....ස්කෝලෙ වැඩයි ක්ලාස් වැඩයි වැටුනහම ඕවා නිකන්ම අතපසුවෙලා ගියත් වෙලාවක් හම්බුන ගමන් මම කරන්නෙ මුල ඉදන් ඔක්කෝම ටික එක දිගට බලන්න ගන්න එක
මොනා උනත් ප්රින්සිපල් අපිව සස්පෙන්ඩ් කරපු එකට මල් තියලා වදින්න ඕන....සතියක්ම ස්කෝල නෑ කියන්නෙ ඉතින්....අනිත් උන හොදම දේ තමා ලක්ශිත අයියා මගෙන් ඔයාට කොහමද කියලා අහලා එවලා තිබුන මැසේජ් එක....ඒක මතක් වෙනකොටත් මට නිකන් කිචි වගේ.....ලක්ශිත අයියා මට කියන්නෙ මල්ලි බබා කියලා....මම එයාගෙ මල්ලි බබා එයා මගෙ අයියා බබා....කොහමද ඒක....අපේ අම්මලා උනත් අකමැති වෙන එකක් නෑ එයාලට බෑනෙක් ගේනවට.....ඔය මොනවා කිව්වත් අම්මටත් The Untamed බලන්න පුරුදු කරපු කොල්ලනෙ ඉතින් මම
" හරි ඔය හොදයි......ඔහොම්ම ප්රැක්ටිස් කරගෙන යමු.....මේ පාර එන පලාත් තරග වලට ඔය කට්ටියම ස්කෝල වලට නම දෙන්න ඕන හරිද "
දේශාන් සර් එහෙම කියනකොට අපි හතර පස් දෙනාම ඔලුව වැනුවා....අද මියුසික් ක්ලාස්....තව පන්තිය අරින්න පැය බාගයක් විතර තියනකොට මම එහෙම්මම ඔලුව උස්සලා බැලුවෙ එලියෙ ගල් බංකුව උඩට වෙලා පෝන් එක ඔබන රශේන් අයියා දිහා....ඕවර් සයිස් බ්ලැක් කලර් ශර්ට් එකට ශෝටක් ඇදලා උන්න රශේන් අයියාව සාලෙ පන්තියේ උන්න මට මෙතන හොදට පෙනුනා....කසින් කෙනෙක් කියලා කිව්වට මොකද මම නම් හිතුවෙ නෑ අද මේ මනුස්සයව මෙහෙම දකින්න වෙයි කියලා.....එදා මාව ගේ ලගටම ගෙනත් බස්සලා ගියාට පස්සෙ මේ වෙනකන් එයාවත් මමවත් නිකමට කතා කලේ නෑ....අනේ එයාට හොද නම් මට මොකද
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...