මම උන්නෙ මීඩියා කාමරේ ඉදන් එලියට එන ගමන්....හෙට හවස කලර් නයිට් එකට ග්රවුන්ඩ් එක ලගම තියන මහින්දෝදය හෝල් එක කට්ටිය ඩෙකරේට් කරන ගමන් ඉන්නකොට බෝගන්විලා පාරෙන් මම ඇවිදගෙන ආවෙ අපේ පන්ති පැත්තට වෙනකොට ඒත් එක්කම කොහෙන්දෝ ඉදන් මගෙ ඉස්සරහට පසන් අයියා එනකොට මම නැවතුනා....එයා අත් දිග ශර්ට් එක වැලමිට ලගටම නවලා....ඒ කියන්නෙ එයා ඉන්න ඇත්තෙත් අර හෝල් එකේ
මම පසන් අයියා දිහා බැලුවෙ මාව නවත්තගත්තු කාරනේ මොකක්ද කියලා දැනගන්න තිබුන ඕනකමට....කොහෙත්ම ඔය පසිදු ගැන නම් වෙන්න බෑ....මොකද දැන් ඒ දෙන්නා මම කියන්නෙ පසිදු එහෙම ඉස්සරහ වගේ එයා එක්ක එල්ලි එල්ලා රණ්ඩුවට යන්නෑ
" ඒ..හ් මල්ලි උබට පුලුවන් නම් ඔය යනගමන් අපේ පන්තියට ගිහින් ඔලුව දාලා රශේනයා ගැන පොඩ්ඩක් බලන්න පුලුවන්ද "
" ඇයි එයාට මොකද වෙලා තියෙන්නෙ "
" නෑ බං මේ මිනිහා එනකොට කාලා නෙවෙයි ඇවිත් තියෙන්නෙ....උදෙන්ම පොඩි උන්ට කැඩෙට් ප්රැක්ටිස් එහෙම තියනවනෙ.....ඒකත් කරලා එපා කියනකොට හෝල් එකේ වැඩ වලටත් ආවා මූ.....දැන් ටිකකට කලින් ගැස්ට්රයිටිස්
හන්දා අමාරුයි කියලා පන්තියට ගියා.....මම කිරි පැකට් එකක් අරන් දුන්නා ඒක බිව්වද බලන්නවත් යන්න විදියක් තිබුන්නෑ....පුලුවන්නම් පොඩ්ඩක් බලනවද....බෑග් එකේ බෙහෙත් ඇති බිව්වද කියලා බලන්නවකො "" හරි අයියෙ මම යන්නම් "
" තෑන්ක්ස් මල්ලි.....මම යන්න කියලා ආවෙ....උබව දැක්කහම කතා කලේ අතන වැඩත් තියනවනෙ "
" ඒකට කමක් නෑ මම ගිහින් බලන්නම් "
එහෙම කියපු මම පසන් අයියටත් ඔලුව වනාගෙන කෙලින්ම ආවෙ අපේ පන්තියට....හොද වෙලාවට කවුරුත් පන්තියට ඇවිත් තිබුන්නෑ තව....යසිරුටත් එහෙන් මෙහෙන් විස්තරේ කියලා උදේ අම්මා එනකොට ඔතලා දුන්න බත් එකත් අරගෙන මම ආවෙ දහතුනේ කොමස් එකට...
යනකොට පන්තියේ කවුරුවත් නෑ....අනේ අම්මපා මුංට උගන්නන් නැද්ද මංදා....බැලුවොත් එකෙක්වත් පන්තියේ නෑ....කොහමත් අගෝස්තුවල ඒලෙවල් හන්දා ළමයි උනත් එනවා හරි අඩුයි....රශේන් අයියා මැද පේලියක කෙලවරේම ඩෙස් එකේ බෑග් එකට ඔලුව තියාගෙන නිදිද කොහෙද....ගෙනාපු බත් එක එයා ලගින් තියපු මම ඉස්සරහ ඩෙස් පේලියේ තිබුන පුටුවක් ඇදලා එයාට මුහුණලා ඉදගත්තා
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...