අද බුදු මැදුරේ මල් පූජාව තිබුනෙ අපිට හන්දා මම වෙනදටත් වඩා ටිකක් කලින් ස්කෝලෙට ආවෙ ඕක අතුගාලා අස්කරන්න ඕන හන්දා.....තාත්තා එනකොට මගදි අරන් දුන්න සුදු නෙලුම් මල් මිට පරිස්සමට අතකට ගත්තු මම ඒත් එක්කම ආපු මලීෂ එක්ක පන්තියට ගිහින් බෑග් එකත් තියලා ඒකත් අතුගාලා එහෙම ආවෙ බුදු මැදුර ලගට.....අපි යනකොටත් කට්ටිය එකතුවෙලා බුදු මැදුර අතු ගාද්දි එහා පන්තියකින් ඉදලක් ඉල්ලගත්තු මමත් සුදු වැලි අතුරපු මලුව ඇමදුවා
පන්තියෙ කොල්ලො දෙතුන් දෙනෙක් ඇතුලෙ ළමයි ගේන මල් වට්ටි වලට හදනකොට මලුව ඇමදලා ඉවර කරපු මම දාගෙන උන්නු සපත්තු දෙකත් ගලෝලා මේස් එක පිටින් ඇතුලට ගිහින් තෙලුයි පහන්තිරයි අරන් ආවෙ පාන් ටික පත්තු කරන්න කියලා......දැන් හතයි දහයට විතර ඇති....හතයි විසි පහ වෙනකොට ඔක්කොම ඉවර කරගන්න ඕන.....බෝපත් හැඩේට හදලා තිබුන පාන් රදවනයෙ තිබ්බ හැම පාන් තැටියකටම මම තෙල් පිරෙව්වෙ නුවන් ඇවිත් පාන්තික දානකොට
" උබ ඔය ටික පත්තු කරපන්.......මම ගේට් එක ලගට ගිහින් බලලා එන්නම් බුද්ධ පූජාව ගේන්න ගියපු එකා කෝ කියලා......උට එන්න ගෙදරට චොපර් එකක්වත් යවන්න වෙයිද මංදා "
" ගිහින් බලන්න මම මේක කරන්නම් "
එහෙම කියපු නුවන් ගේට් එක ලගට යන්න යනකොට සාක්කුවෙන් ගත්ත ගිනි පෙට්ටිය අරන් පාන් පත්තු කරන්න ගත්තෙ කොහේදෝ ඈතක ඉදන් ලා හුළං රැලි බෝ මළුවෙ සක්මන් කරන්න ගන්නකොට......එහාට මෙහාට හමන හුලග හන්දම පත්තු කරපු පාන් තැටියේ තැඹිලි පාට දැල්ල ලතාවකට පැද්දෙනකොට නිමෙන්න ඔන්න මෙන්න ගියපු පානකට මම අත තිබ්බෙ ඒත් එක්කම මගෙ පිටිපස්සෙන් ආපු තව අතක් පාන අනිත් පැත්තෙන් කවර් කරනකොට
මගෙ ඇස් නැවතිලා තිබුනෙ දැන් දැන් හොදට ඇවිලෙන පානලග වෙනකොට අත එහෙම්මම තියනකොට ඔලුව විතරක් හරවලා මම බැලුවෙ ගෝල්ඩ් කලර් අත් ඔරලෝසුවේ අයිතිකාරයා කවුද කියලා දැනගන්න තිබුන උවමනාවට
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...