03 කොටස

189 34 18
                                    

"එතකොට උඹ අපේ ස්කොලේම සයන්ස් එකෙ....."

"ම්ම්ම් ඔව් ඔයාලා මැත්ස් නෙද....."

"ඔව් එත්..... උඹ කොහොමද දන්නෙ...."

"අහ් මන් ඔයාලගෙ පොත් දෙක තුනක් අරන් බැලුවා නම දැන ගන්න..... අව්ලක් නැ නෙද හලෝ...."

"අවුල්ද අහන්නෙ තෝ දැන් බලලා ඉවර වෙලානේ යකෝ....."

"අනේ සොරි..... මම ඒ තරම් හිතුවේ නැ....."

මම නාගෙන එද්දි ගී ඉදගෙන අර අහිංසක කොල්ලව මඩවනවා. මහිදු පෙනුමෙන් පවා හුරුබුහුටි ලස්සන කොල්ලෙක්. හරියට නිකම් කෙල්ලෙක් වගෙ. බොල කම්මුල් ලා රෝස පාට තොල් එක්ක එයාට තිබ්බෙ සාමාන්‍යය ලංකාවේ කෙනෙක්ට පිහටන්නෙ නැති දුඹුරු පාට කොන්ඩයක්. පෙනුමෙන් පවා අහිංසකයි කියන්න පුළුවන් කොල්ලා කතා කරන්නෙත් හරි හිමින්. ඉතින් ගී හෙන චන්ඩියා වගෙ අර කොල්ලව බය කරනවා.

"එකට කමක් නැ මහි..... මූට පිස්සු..... ගී උඹත් කයිය ගැහුවා ඇති ගිහින් නාගෙන වරෙන්..... තවත් රැ උනොත් උඹට අසනිපක් හැදෙයි....."

"අනේ දැන් බැ බන් සීතලයිනේ....."

"අනේ මේ බැව තියාගෙන ගිහින් නාපන්..... බස් වල හිටන් රස්තියාදු වෙලා ක්ලාස් ගිහින් ඇගෙ ජරාව බන්.... පලයන් පලයන්....."

ගීගේ ටවල් එකත් රැක් එකෙන් අරන් ගීගේ කරට දැම්ම මම ඌව තල්ලු කරන් ගිහින් එලියට දලා දොර වැහුවා. පොඩ්ඩක් විතර එලියට වෙලා දොරට තඩි බලා ඌ වොශ් රුම් ගියා ඇහෙද්දි මම එහෙම්ම දොරත් ඇරලා දලා අද වැඩ කරපු පොත් ටිකක් අරන් පොත් මෙසෙන් ඉද ගත්තා.

"ඔයාලා හොද යාලුවො නෙද....."

මන් ඉද ගන්නවත් එක්කම මහිදු මගෙන් හිනා වෙලා එහෙම ඇහුවා.

"ම්න් ඔව්....."

"හුගක් කල්ද ඔයාලා යාලුවො වෙලා....."

"ආපෝ ඔව්.... අපි දෙන්නා එක වසරේ ඉදන් එකට....."

"ශොයිනේ..... ඔයාලා කොලඹද නැත්තම්?...."

"අපි බදුල්ලේ මහි..... බදුල්ලට ටිකක් ඇතුලට වෙන්න.... නම කිව්වට ඔයා දන්න එකක් නැ....."

"ආ එහෙමද..... මමනම් කොලඹ..... මෙහෙට එන්න හිතන් හිටියේ නැ..... එත් එන්න උනා....."

සිතට හොරා  (මාගේ සද නුඹදෝ Side story )Where stories live. Discover now