"අනේ මට බයයි ගී......""පිස්සු කෙලින්න එපා උට්ටෝ..... තව ටික්කින් තියෙන්නෙ උඹේ අයිටම් එක....."
අවසානෙදි උදේ වෙලා ස්කොලේ ඇනිවසරි එක දවස උදා උනා. හැමෝම හරි උද්යෝගයගෙන් එහා මෙහා ගිහින් වැඩ කරා. අද ආදිශිෂ්‍ය සංගමෙන් පා ගමන් ලැස්ති කරලා තිබ්බත් අපිට එකට යන්න උනේ නැත්තේ අපි ස්කොලේ ඇතුලේ කාර්යබහුල උන නිසා. ප්‍රිෆෙක්ට් බොඩ් එකෙ අයත් බ්ලෙසර් ඇදලා හෙන නීට් එකට ඉද්දි අවසානෙදි උඩරට නැටුම් බෙර හඩ මැද්දෙ පිලි ගත්ත අමුත්තන් ඔක්කොම මෙන් හොල් එකට රැස් වෙලා හිටියා. හොල් එක හුගක් අයගෙන් පිරිලා ගිහිල්ලා. දන්න කියන නම ගිය කථිකාචාර්යවරු වගයකුත් ප්‍රධාන අමුත්තන් විදිහට ඉස්සරහම පොලීමේ ඉද්දි ඉන්න සෙනග දැකලා මගෙ කකුල් සැටලින් ගහන්න ගත්ත.
වෙදිකාවේ පිටි පස්සට වෙලා මම මගෙ අයිටම් එකට යන්න බැ කිය කිය මේ නහයෙන් අඩ අඩ ඉන්නෙ. එත් මේ ගී හිතක් පපුවක් නැ වගෙ මට කැ ගහනවා. මහිනම් පුරුදු ප්‍රතිචාරයම තමා. අතින් කට වහන් හිකි හිකි ගලා හිනා වෙනවා. ඌට දැන් ඊයේ රැ උන කිසි දෙයක් දැන් මතක නැ වගෙ. එකනේ මම කියන්නෙ මහි හෙන අමුතු අහිංසක කොල්ලෙක් කියලා.
"අනේ උඹනම් කියයි ගී..... මේ බලපන් මගෙ කකුල් දෙකත් වෙව්ලනවා..... හරියට නිකම් ගිටාර් ගහනවා වගෙ..... අනික මේ සරම..... මම ජිවිතේට සරමක් ඇදලා නැ බන්..... නිකමට හිතපන් මම අර ස්ටෙජ් එක මැද සරම කඩන් ඇදන් වැටුනොත්.... වස ලැජ්ජාවනේ..... අනේ ගී මට බැ බල්ලෝ..... තෝ තමයි මාව මෙවට අහු කරේ....."
"බොරුවට බය නොවී ඉදපන්..... විකුම් සර් උඹට සරම තද කරලා අන්දලා මදිපාඩුවට බෙල්ට් එක්කුත් බැන්දනේ....."
අහ් අනවශ්‍ය තොරතුරක්..
හැබැයි මෙහෙමයි. ඔව් ඇත්ත. මට සරම ඇන්දුවේ විකුම් සර් තමා. මොකද සරමක් අන්දන්න දන්න එකෙක් අපි සෙට් එකෙ හිටියේ නැ. හිටිය එකම කෙනත් සහිරා. එකි ඇවිත් සරමක් අන්දනවා කියලා මට ඇන්දුවේ චිත්තයක්. මොකද එකෙ රැලි ටික්කුත් හරි ලස්සනට උඩින් ආවා. අන්තිමට සරම අන්ද ගන්න බැරිම තැන ගී ගිහින් හොල් එක ඇතුලට වෙලා හිටිය විකුම් සර් එක්කන් ඇවිත් මට අන්දන් කිව්වා. මොකද අපි ස්කොලේ වැඩිපුරම ලගින් දන්න එකෙම කෙනෙක්ට කියලා අන්තිමට ඉතුරු වෙලා හිටියේ සර් විතරයි. සරුත් හිනා වෙවි මන් දිහා බලන් ඉදලා අන්තිමට සරම අන්දන්න ගත්තා.
YOU ARE READING
සිතට හොරා (මාගේ සද නුඹදෝ Side story )
Fanfiction"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ ම්ම්ම්...." -විකුම්- "අහිමි බව දැන දැන එකපාර්ශවිකව ආදරේ කරත්..... හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ලැබෙයි කියලා...." -සුවහස්- (මාගේ සද නුඹදෝ side story )