04 කොටස

210 38 26
                                    

අද කම්බයින්ඩ් ක්ලාස් උදේ නවයේ ඉදලා හවස තුනහමාර වෙනකම්. ඊයේ රැ කතා කර ගත්ත විදිහට අපි අද ක්ලාස් ඉවර වෙලා හැදුවේ නුවර යන්න. මාලිගාවට ගිහින් වැදලා වැව රවුමෙත් පොඩ්ඩක් ඇවිදලා හවස බලාජි එකෙන් තොසේ කලා එන්නයි අපි කතා උනේ. අපි කිව්වට මහිදු තමා බලාජි එකෙන් තොසේ කන අදහස කිව්වේ. මොකක්ද මන්දා එයා කියවපු කතාවක එහෙම තැනක් තිබ්බලු. ලු කියලා තමා කිව්වෙ තැනක් තියෙද කියලා ඌවත් දන්නෙ නැ.

කොහොමත් ආවත් හරි කොහෙවත් යන්න උනේ නැනේ. ඒ නිසා ආන්ටිටත් අද ගමන ගැන කියලා අපි තුන්දෙනාම ලැස්ති වෙලා බොඩිමෙන් එන්න පිටත් උනා. ක්ලාස් එකට යන්න කලින් කඩෙකින් පෙස්ටි වගයක් කලා කිරි පැකට එකක් බිව්ව අපි මහිදු බයෝ ක්ලාස් තියෙන හොල් එකට යද්දි අපි අපේ ක්ලාස් හොල් එකට එන්න ආවා.

අද තමයි මමයි ගී ක්ලාස් එකට ආව පලවෙනි දවස. කලින් අපි දෙන්නම ක්ලාස් ගියේ බදුල්ලෙනේ. මෙහෙ ක්ලාස් හොයා ගන්න පුළුවන් උනේ තරුශ නිසා තමා. හොල් ක්ලාස් නිසා ළමයි සැහෙන්න. පිටි පස්ස දොරෙන් ඇතුල් වෙලා අපි බැලුවේ ඉද ගන්න තැනක්. එතකොටම තමයි තරුශ පිටි පස්ස පොලිමෙ ඉදලා ඩෙස් දෙක තුනක් ඉස්සරහින් ඉදන් අත වැනුවේ.

"උඹලා දෙන්නා මෙතන ඉද ගනින්..... අව්ලක් නැනේ....."

"නැ නැ ශෙප්....."

තරුශලා හිටිය පෙලියට පිටි පස්සෙ මමයි ගීත් ඉද ගත්තා. ඒ පොලීමේ හිටියේ බොයිස් ස්කුල් එහෙක කොල්ලො ටිකක්. උන් ටික අව්ලකුත් නැ. කොහොමත් කොල්ලො තවත් කොල්ලෙක්ට සීන් දාන්නෙ නැ. එහෙමත් කෙනෙක් තමයි ලොකු සීන් එකෙන් ඉන්නෙ. එයාලත් අපි එක්ක සුහදව කතා කරලා ක්ලාස් එකට අලුත්ද, කලින් මොන ස්කොලේද ගියේ වගෙ ප්‍රශ්න ඇහුවා.

උන් ටික කිව්ව විදිහටනම් දැනටමත් පාඩම් වල හුගක් දුර ඇවිත්. එත් අපිත් කලින් ක්ලාස් ගිය නිසා එක ඒ හැටි ගානක් උනෙ නැ. කතාවෙන් කතාව ක්ලාස් එක පටන් ගන්න වෙලාව එද්දි ටිකක් තරුණ සර් කෙනෙක් හැමොටම හිනාවක් දෙන ගමන් ඇතුලට ආවා. ළමයි හැමෝම නිහඩ වෙලා පාඩමට විතරක් අවදානය යොමු කරද්දි අතර මැද හම්බුන ඉන්ටර්වල් දෙකක් එක්කම කාලේ ගෙවිලා ගිහින් ක්ලාස් එක ඉවර වෙලා අපි එන්න ආවා හොල්ට් එක ලගට.

සිතට හොරා  (මාගේ සද නුඹදෝ Side story )Where stories live. Discover now