බලාපොරොත්තු උනේ වෙන දෙයක් උනත් එයාගෙ නහගේ අග කොටස මගෙ තොල් ලග නතර වෙද්දි මම පුදුම උනා. මගෙ තොල් ලගම නහය තිබ්බ එයා එයාගෙ එක අතකින් මගෙ කට දෙපැත්ත අලලා මිරිකන ගමන් හොද හුස්මක් උඩට ඇද්දෙ මමත් ඔහේ එයා කරනල් දෙවල් හිතා ගන්න බැරුව ඉද්දි."සුහස් තමුසේ මොනවද බිව්වේ....."
හරිනේ කරා. එයා කරන දෙයක් තෙරුම් ගන්න බැරිව බලන් හිටියත් මගෙ කට දෙපැත්ත තවත් තද කරන ගමන් මගෙ කන ලගට පහත් උන එයා එහෙම ඇහුවා. එතකොටයි මට තෙරුනේ එයා මොකක්ද කරේ මොඩ මම මොනවාද හිතුවේ කියලා. එව්ව්ව්.
හැබැයි ඉතින් තරහින් වගෙ දත් අතරින් එපා ඇහුව දේට මාව සීතල වෙලා දාඩියකුත් දාන්න වැඩි වෙලා ගියා නැ. අනිවාරෙන් මගෙ කටින් බියර් ගද එනවා ඇති. ඉතින් එයාට බොරුවක් කියන්න පුළුවන් කමකුත් මට නැනේ. එත් ඔක්කොටම වඩා මට බය සර් අයියට මේ ගැන කියලා මාව ආපහු ගෙදරටම යවයිද කියන එක. එහෙම උනොත් විසුමක් වෙන්නෙ නැ.
"මම ප්‍රශ්නයක් ඇහුවා සුහස්.... මට උත්තර දෙන්න....."
"සර් මේ..... මන්....."
"අහ් එපා අයියේ..... රිදෙනවා....."
"ශිට් උඹ මොකට මගෙ මල්ලි උනාද මන්දා....."
ඇස් හීන් කරන් සර් මගෙ දිහා බලන් ඉද්දි මට එයාට කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා. හැබැයි එත් එක්කම මහිගෙ වෙදානා හඩ ඇහෙද්දි එයා ක්ලාස් එක පැත්ත බලනකොට එකපාරටම එයාට මාව අත් ඇරුනා. එත් එක්කම මම සර්ව දලා මහිලා හිටිය පංතිය ඇතුලට දුවන් ආවේ මහිට කරදරයක්ද කියලා බය වෙලා.
"මහි !!!.."
මහි පුටු වගයකුත් පෙරලන් බිම වැටිලා හෝ ගලා අඩද්දි මහිගේ අයියා කියන එකා මහි දිහා රවන් බලන් ඉන්නවා. හැබැයි මම පංතිය ඇතුලට යනවත් එක්කම ඒ කෙනා මගෙ දිහා බය වෙලා වගෙ බැලුවේ මහිගෙ බැල්මත් මන් දිහාවට එද්දි. එත් ඒ ඔක්කොටම වඩා මම පුදුම උනේ මහිගෙ අයියා දැකලා. දෙයියනේ ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ හිටියා රුවිද අයියා. ස්කොලේ හෙඩ් ප්‍රිෆෙක්ට්.
"රුවිද මොකද මෙතන වෙන්නෙ....."
මම පුදුම වෙලා වගෙ රුවිද අයියා දිහා බලන් ඉද්දි විකුම් සර් ඇවිත් පංතියේ ලයිට් එකත් දාන ගමන් එහෙම අහුවා. එත් එක්කම මන් අවට පස්සෙ බය උන රුවිද අයියගෙ මුන තවත් බය වෙලා ගියේ බලන් ඉද්දිමයි. මම එහෙම්ම එයාට රවාගෙන එයාව මහි ලගින් අඩියක් විතර පිටි පස්සට තල්ලු කරලා දාලා මාහිව නැගිටවලා පුටුවක වාඩි කරා.
YOU ARE READING
සිතට හොරා (මාගේ සද නුඹදෝ Side story )
Fanfiction"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ ම්ම්ම්...." -විකුම්- "අහිමි බව දැන දැන එකපාර්ශවිකව ආදරේ කරත්..... හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ලැබෙයි කියලා...." -සුවහස්- (මාගේ සද නුඹදෝ side story )