02 කොටස

204 34 22
                                    

"ගී ආපහු හැරිලා අපි යමුද බන්....."

මම ගී දිහා බලලා එහෙම අහද්දි මූත් ගොනා වගෙ හා කියලා ඔලුව හෙලෙව්වා.

"ඒ උඹලා..... ඔතන හිටන් ඉන්නෙ මොකද..... මෙහෙට වරෙන්..... වරෙන් වරෙන් ඇතුලට....."

අපි දෙන්නම තක්බීරි වෙලා බලන් ඉද්දි කොල්ලන්ගෙ පැත්තෙ ඩෙස් පොලිමක ඉදන් හිටිය ටිකක් උස මහත කොල්ලෙක් එහෙම කිව්වා. දැන් ඉතින් කොහොමත් යන්න එපැයි. ආය හැරිලා ගියා කියලාත් වෙන පංතියකට යන්නද ඒ නිසා මම ඉස්සර වෙලා යද්දි ගීත් මගෙ පස්සෙන් එන්න ආවා.

"උඹලා හැදුවේ ආපහු හැරිලා ගිහින් බෙරෙන්න නේ.... එව්වනම් ඉතින් හදේ තමා....." අර කොල්ලා ආයෙත් එහෙම කියලා එයාගෙ නඩෙ එක්ක හිනා වෙන්න ගත්තා.

"සුදු කොට එකා උඹ මේ පුටුව උඩ නැගලා බක වරක් චක්කරේ කියපන්..... එතකොට අනිත් එකා මු බකවරක් එක කියද්දි උඹ එකට ගැලපෙන්න බක කියන්න ඔනි..... හරි දැන් පටන් ගනින්....."

ඇතුලට ආව ගමන්ම ඒ යකා හෙන ගහන්න වගෙ එහෙම කියද්දි මම ඇස් දෙකත් ලොකු කරන් බැලුවා.

"ඇයි උඹට ලැජ්ජයිද?....."

තොල් අගින් හිනා වෙලා ඒ කොල්ලා එහෙම එහෙම අහද්දි අනිත් උනුත් නොන්ඩියට වගෙ හිනා උනා. කොල්ලො ටික හරි කියමුකෝ. කෙල්ලො ටික ඊට හපන්. උනුත් ඩෙස් උඩ නැගලා ස්කොලෙට අලුත් කෙල්ලන්ට එක එක දෙවල් කරන්න කියනවා. පවු හැබැයි අලුතින් ආව කෙල්ලෝ ටිකට ඇඩිලා ඉන්නෙ.

එත් ඉතින් මමනම් මෙහෙම දෙවල් වලට අඩන්න යන්නෙ නැ. අහිංසක උනත් මම කොහොමත් කාටවත් සෙකන්ඩ් වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා බැග් එක ගලවලා පිටි පස්සෙ ඩෙස් පොලිමට අත් ඇරිය මම ගීටත් එක්කම පිටු දෙකක් ඇදලා අරන් ඉස්සරහ තියාගෙන එකෙ උඩ හිට ගත්තා. එහෙම්ම ගීට මම තොල් අගින් හිනාවක් දෙනවත් එක්කම මටත් ඇහැක් ගැහුව ගීත් පුටුව නැග්ගා.

"හරි හරි චක්කරය කියන්න ඉස්සර වෙලා උඹලා දෙන්නගෙ නම් කියපන්කෝ....."

"සුවහස්....."

"මම ගීත්ශ...."

"ආ හරි..... දැන් දෙන්නා එක්ක පටන් ගනින්කෝ එහෙනම්...."

සිතට හොරා  (මාගේ සද නුඹදෝ Side story )Where stories live. Discover now