09 කොටස

158 31 24
                                    

"උඹට අද ක්ලාස් නැද්ද....."

ස්කොලේ ඇරිලා හොල්ට් එකට වෙලා ඉන්න ගමන් මම මහිගෙන් ඇහුවා. අද මැත්ස් ක්ලාස්. ගී නැති නිසා ක්ලාස් එකට තනියම තමා යන්න වෙන්නෙ. යන්න බැ වගෙ හිතුනත් තව සතියකින් එක්සැම් පටන් ගන්න නිසා නොයා බැ.

"ම්හුම්....."

මහි ඔලුව හොල්ලන ගමන් නැ කිව්වා. මූ ක්ලාස් කට් කරන්නද ලැස්ති. මොකද මෙකා කලින් අපි එක්ක ක්ලාස් ගියා.

"එත් උඹ කලින් ක්ලාස් ගියානේ....."

"ඔව් එත් මට හොල් ක්ලාස් තහනම් කරානේ..... අයියා ගෘප් ක්ලාස් එකක් හොයලා දෙනකම් ඉන්න වෙනවා....."

"හරි හරි හු____වල් තමයි වෙන්නෙ නේ..... හේ හේ....."

ඔහුවත් කසන ගමන් මම කිව්වම මහි අතින් කට වහන් චිකි චිකි ගලා හිනා උනා. එ මෙයා හෙන හුරතල් අනෙව්. මේ ඌර්තල් ඌ‍ර්තල්. මාත් එක්ක ඌර්තල් මේ මේ ඌර්තල්.

"පරිස්සමින් යනවා එහෙනම්..... ආ පුළුවන්නම් මම එනකම් අරුගේ හිත හදනවා ඇ.... මම උදේ ආව විදිහට ඔකා දුකින් ඇත්තේ....."

මහිගේ කම්මුලකුත් මිරිකලා මම කිව්වම. උගේ මුන රෝස පාට උනා.

"ඔයත් බොරුවට නෙද එයා එක්ක තරහා උනේ....."

"ඔව් එත් හැබැයි මෙහෙමයි..... මට ඌ එක්ක තරහක් නැ තියෙන්නෙ දුකක් විතරයි..... නිකමට හිතනවකො අච්චර මාත් එක්ක හිටිය එකා මට දෙයක් හංගලා කියනකොට මට දැනෙන්නෙ කොහොමද කියලා..... එක තරහක් නෙවෙයි මාහි මට දැනුනේ ලොකු දුකක්....."

මම දුකින් වගෙ කියද්දි මහි මගෙ අතක් අල්ලා ගත්තා.

"මට ඔය දෙන්නා ගැන ඊර්ෂ්‍යායි හලෝ..... ඔය දෙන්නම හුගක් වාසනාවන්තයි..... මොන දේ උනත් ඔය දෙන්නටම ඔය දෙන්නා ඉන්නවානේ..... ඔයාලා හුගක් හොද යාලුවො... අනික තව ඔයාට හුගක් ආදරෙ කරන් හොද අයියා කෙනෙක් ඉන්නවා පවුලේ අය ඉන්නවා..... ඒ අතින් බැලුවන මම හෙනම පව්කාරයි අනේ..... මන් තනි වෙලා වගෙනෙ......"

මගෙ අතත් අල්ලන් මහි බිම බලන් කියද්දි මම එයාව මගෙ ලගට ඇදලා අරන් කර වටේ අත දා ගත්තා.

"කවුද කියන්නෙ උඹ තනිවෙලා කියලා....."

මම එහෙම ඇහුවම කොල්ලා මගෙ දිහා ඇස් උස්සලා බැලුවේ කිව්ව දේ තෙරුම් ගන්න බැරුව.

සිතට හොරා  (මාගේ සද නුඹදෝ Side story )Where stories live. Discover now