හොල්ට් එකෙ වහලෙන් බෙරිලා ඇවිත් වැටෙන පුංචි වතුර පාරට මම අත දික් කරන් හිටියා. අයිස් වගෙ සිතලයි වතුර. එත් වහින වෙලාවක වැස්ස දිහා බලන් මෙහෙම වැස්සට අත දිග් කරන් තෙමන එක. මටනම් ඒක හෙනම ආතල් වැඩක්. ඉස්සර මම මෙහෙම අත් තෙමාගෙන වතුර මුනේ අරන් ගා ගාගන්නවා. මොකද මම හිතුවේ වැහි වතුර බෙහෙත් කියලා. ඔනි ලෙඩකට හොදයි කියලා. එහෙම හිතන්නත් හෙතුවක් තිබ්බා. එක පාරක් ආච්චිඅම්මා කිව්වා උදේ පාන්දරම තණ බිස්ස උඩට වැටෙන පින්න පාන්දර නැගිටලා ඇවිදලා පාගන එක ඇගට හොදයි කියලා. ඉතින් එදා ඉදන් මම හිතුවේ වැහි වතුර ඇගට හොදයි කියලා. ඔක නිසා මම දවසක් වැස්ස මැදට පැනලා තෙමුනත් එක්ක. පුංචි කාලේ නිසා හෙනම සතුටක්. හැබැයි ඉතින් අම්මගෙන් හොදවයින් පස්ස රත් වෙන්න පාරක් කලා රෑට උන හැදුනේ නැත්තම් එක හෙනම ආතල් එකක් වෙන්න තිබ්බා. එත් ඉතින් ඉපදුන දවසෙ ඉදලා පිනසය තියෙන මිනිස්සු උනාම වැස්සට බැහැලා ආතල් ගන්න බැ.
"පින්න එනවා බන්..... මෙහෙට වරෙන්..... නැත්තම් උඹට ඊලගට අසනිපයක්වත් හැදෙයි....."
"ම්න්..."
ගී මට ටිකක් තරවටු හඩකින් කිව්වම මම ඔලුව වනලා ටිකක් හොල්ට් එක ඇතුලට උනා. සාක්කුවෙන් අරන් ජෙලි ටොෆියකුත් කඩලා කටෙ දා ගෙන කොලේ ආයෙත් සාක්කුවට ඔබන් ගි ලගින් ගිහින් ඉද ගත්තා.
"උඹටත් ඔනිද ජෙලි ටොෆියක්....."
ගීගේ උරහිසටත් තට්ටුවක් දාන ගමන් මම ඇහුවා. එකා ඔලුව වනලා එපා කියලා බයිට් පැකට් එකෙන් තව අහුරක් අරන් කටෙ දා ගත්තා.
හයියෙන්ම වහිනවා. එහෙන් එන්න එන්න වටපිටාවම අදුර වහ ගන්නවා. මමයි ගී විතරයි හොල්ට් එකෙ මනුස්සයෙක්ට කියලා ඉන්නෙ. බල්ලෙකුත් බංකුවක් අස්සෙ රිංගගෙන සිතලට ගුලි වෙලා. ඌව දැක්කම මට හිතුනේ එක දෙයයි. පව්. ගිය ආත්මේ කරපු මොකක් හරිම පවක් නිසා මේ ආත්මේ තිරිසන් සතෙක් වෙලා ඉපදිලා දුක් විදිනිවා. අපිට වගෙ නෙවෙයිනෙ වැස්සට නොතැමි ඉන්න ගෙයක් නැ හොද ශිට් එකක් අස්සට සිතලට ගුලි වෙලා නිදා ගන්න ඇදවල් නැ, අඩුම බඩ පිරෙන්න කන්න හරියකට කැමක්වත් හම්බෙන්නෙ නැනේ. ඒ අතින් බැලුවොත් මේ සත්තු පව්.
YOU ARE READING
සිතට හොරා (මාගේ සද නුඹදෝ Side story )
Fanfiction"රිද්දන්නනම් හැදුවේ.... රිදුන කෙනා නෙද අඩන්න ඔනි..... රිද්දුව කෙනා ඇයිද මේ අඩන්නෙ ම්ම්ම්...." -විකුම්- "අහිමි බව දැන දැන එකපාර්ශවිකව ආදරේ කරත්..... හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි ලැබෙයි කියලා...." -සුවහස්- (මාගේ සද නුඹදෝ side story )