දහතුන්වැනි ආදරය 🥀

47 8 20
                                    

හම්මෙ මෙච්චර දවස් බලන් හිටිය දවස එහෙනම් ආවා ආවා ආවා

අද තමා ට්‍රිප් එක යන්නෙ අපි ආයූත් එනවා එයා එක්ක යන පළවෙනි ට්‍රිප් එක...හීනයක් වගේ කව්ද හිතුවෙ මං.ඔයාට මෙච්චර ඉක්මනට ලං වෙයි කියලා

ඔයා එක්ක ඉන්න හැම මොහොතක්ම මට හීනයක්..මම අවුරුදු 3කට වඩා බලන් හිටියෙ මගෙ ජිවිතේ මෙ වගෙ දවස් එනකන්,
ඔයා එක්ක එකට ඉන්න ඔයා එක්ක හිනාවෙන්නෙ..ඔයා එක්ක දවසම කතා කර කර ඉන්න
ඔය ඇස් දිහා බලන් ඉන්න....

ඔයාගෙ ඇස් නිකන්ම ඇස් නෙමෙ ආයූ..
ඒවා මායාවක් වගේ..කෝපි පාට මායාවක්,
මං එ මායාවේ පැටලිලා..ආය ගැලවෙන්න බැරි තරමටම

"ඔයී පොඩී!!!!!"

"ඇයි බන් කෑගහන්නෙ??"

අරකා මොකද මැරෙන්න හදන්නෙ..අඩේ මම මෙ බඩු ලෑස්ති කරනගමන් නෙ හිටියේ...ඒකත් අමතක උනානෙ.මනෝ ගහන්න ගියාම සීමාවක් නැනේ

"කෑගහන්නෙ ඇයි අහන්න සතෝ...ඉක්මන් කරපන් වෙලා යනවා..යන්නෙ නැද්ද? අරුන් ටිකව ගන්න යන්නත් ඔනී..කොයි  අර ආශ්?..ඔකා බුදිද තාම?"

"නැ නැ බන් නහින්නෙ නැතුව ඉදපන්කො..ඌ නානවා.."

"අනෙ මෙ කටවහන් ඉදපන් උඹ...උබ දැන් ලෑස්ති වෙලා ඉවරද?"

"ඔව් ඇයි උබට පේන්නෙ නැද්ද..අක්කා බබා බූට් තියලා යද්දි ඇස් පෙනීමත් නැති උනාද??"

"අනෙ යකෝ කෑගහන්නෙපා..අම්මට ඇහෙයි උබ නම් මල කරුමයක්!!අනිත් එක දැන් ට්‍රිප් එක ගිහින් එහෙම ඕක ගැන කියවනවා නෙමෙ..මගෙ නම්බුව කන්න!!හොමතගයු මල්ලි හර්ත?"

"ඇයි ඇයි කියන්නෙපා කියන්නෙ.?උබෙ මොකක් හරි හොරයක් තියෙනවා..ආය නාඩගමක් නටපන්කො!!"

"නටනවා ප##ක්..කටවහන් ලෑස්ති වෙලා ඉවර නම් එලියට වරෙන්..දැන් අම්මගෙ පරිස්සම් වෙන බණ දේශනාව අහන්න එපැයි යකෝ!!!"

"උබ යමන්කො මං එන්නම්...උබ මං එනකන් භාගයක් අහපන් ඉතුරු ටික මං අහන්නම්!!"

දැන් ඉතින් බණ අහන්නත් එපැයි....මොන මගුල කරන්නත් මෙ ආශ් එලියට එන්න එපැයි
වෙනදට පැය භාගෙන් නාන මනුස්සයා අද තාම නැනෙ යකො...මූ හිතන් ඉන්නෙ මනමලියක් බලන්න යනවා කියලද දන්නෑ...

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now