දොලොස්වැනි ආදරය 🥀

61 9 15
                                    

අම්මො හෙටින් ඔක්කොම එක්සැම් ඉවරයි දෙයියෝ බුදුන් දැක්කා වගෙ දෙයියනෙ
මාව නිකන් පිපිරෙන්න ඔන්න මෙන්න හිටියේ මේ එක්සැම් භීශණෙ නිසා
දැන් ඉතින් ඉවරයි නෙ කියලා මතක් වෙද්දිනෙ සැනසීමක් දැනෙන්නෙ..පුළුවන් උපරිමයෙන් ලිව්වා කැම්පස් යන්න පුළුවන් කියලා විතරක් සුවර්...

ආය ඉතින් කොල්ලා ගැම්ම ඇල්ලුවා ඉතින් උන ගැනෙන්ඩම අපෙ ලොකූට
උබේ එකටම තමා මම එන්නෙ ඉදින්කො අයියේ උබ

තව ටිකක් පාඩම් කරලා නිදාගන්න ඔනෙ දැන් නම් මහන්සි අප්පා ඔලුවත් රිදෙනවා

රෝස මල පාඩම් කරලා ඉවරයිද දන්නෑ මැසෙජ් එකක් දාන්නත් හිතයි ඒත් ඩිස්ටර්බ් කරන්න බැනෙ ඔන්න ඔහෙ හෙට ස්කෝලෙදි හම්බෙනවානෙ
එතකොටම කතා කරනවා

එක්සැම් ඉවර උනාම මගෙ හිතෙ තියෙන හැම හැඟිමක්ම මම ඔයා ඉස්සරහා කියනවා ආයූ!
මම උබට හරි ආදරෙයි මට උඹෙ ඇස් දිහා බලන් ඒක කියන්න ඔනි...උඹෙ කෝපි පාට ඇස් දිහාම බලාගෙන ඒක මම කියනවා!!

තේශ් තේශ් බැක් ටු ද පාඩම් යකො...උබත් නිකන් උතුරෙන් පටන් ගෙන දකුණටම යනවා

"චුටි පුතා!!"

"ඕ අම්මේ..."

"දැන් හුඟක් රෑ වෙලානෙ දැන් නිදාගන්න ඔය මදෑ.."

"තව ටිකයි අම්මේ..මාත් මෙ නිදාගන්න කියලා බැලුවේ...ආය ඉතින් අද විතරයි නෙ සුදු දෝණි.."

"එහෙනම් ඉක්මනට නිදාගන්න ඔනි හරිද..නැත්තන් නින්ද යයි ස්කොලේදි...ආ මෙන්න මේ කෝපි එක බොන්නකො"

"හරි අම්මේ ඔයා නිදාගන්නකො ගිහින්"

"ම්ම්ම්"

ආශ් ආශ් උබ කොහෙද ඇත්තමයි අද අන්තිම දවසෙවත් උබට පොඩ්ඩක් ඉක්මනට එන්න බැනෙ ඇ යකො

බස් ටැන්ඩ් එකට වෙලා ඉන්න ගමන් ආශ්ට දෙහි කප කප හිටිය මම ඇයි යකො මෙ තිරිසනා තාම නැනෙ ඇත්තට
අද අන්තිම දවසනෙ උබට බැරි මොකද පොඩ්ඩක් කලින් එන්න
කලින් ආවා කියලා උබෙ ගෙවෙනවද කොහෙහරි ඇ යකෝ

ආ ආ අර එන්නෙ පද්ද පද්ද ඉක්මනට වරෙන් උබලයේ සීයා නෙමෙ පේපර් දෙන්න ඉන්නෙ ඇයි වදේ

නිහඬ ආදරය [Ongoing]Where stories live. Discover now