අටවන දිගහැරුම...

64 7 16
                                    

ඇත්තටම ගීත්ම කියන්නෙ කවුද, ඇයි මට එයාව මේ තරමටම දැනෙන්නෙ.මොණවද මට මේ වෙලා තියෙන්නෙ.තවම ඒ ළමයව දැකල දවසක්වත් ගත උනේ නෑ.ඒත් මේ තරමටම මට එයාට ළං වෙන්න ඇති වෙලා තියෙන උවමනාව මොකක්ද...වගීශ ගීත්මව හොටෙල් එකෙන් දාල එන අතරමගදිත් කල්පනා කළේ හිතේ තියෙන මේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියන කාරණය.

රෑ වෙලා වැඩි උනත් කොල්ලට දෙන්න පොඩි ෆෝන් එකක් ගන්න ඕන.ඌට ඒක ඒත් මම දෙන්නෙ කොහොමඳ, ඒකටත් මොකක් හරි විකල්පයක් කල්පනා කරලම ඒක ගෙනිහිල්ල දෙනවා.වගීශ ගාල්ල නගර මධ්‍යයේ තිබුණ නවීන දුරකථන විකුණන ආයතනයක් වෙත ඇතුල් උනේ ඒ වෙලාවෙ ඒ වැඩෙත් සම්පූර්ණ කරගෙන යනව කියන හැඟීමෙන්.එතනින් සැම්සුන්ග් වර්ගයේ නවීන දුරකථනයක් මිළදී ගත් වගීශ එය තම වාහනයෙහි තිබූ කුඩා බොක්ස් එකක රඳවා ගත්තා.ජීවිතේ කිසිම දවසක පිටස්තරයෙක් වෙනුවෙන් නොදැනුන අපූරුම හැඟීමක් ඒ හිතේ හොල්මන් කරන එක ගැන වගීශට තිබුණෙ මහ පුදුම හැඟීමක්.නිවසට පැමිණ රාත්‍රී කටයුතු සියල්ල නිමාවන විටත් මධ්‍යන රාත්‍රිය උදා වූ නිසාම වෙනදට වඩා ප්‍රබෝධමත්ව සිටීම ගැන වගීශ සතුටු උනේ ඒ හැම දෙයක්ම ගීත්ම නිසා ලැබුණු ශක්තිය වග දැනගෙනමයි.

උදේ පාන්දර නැඟිටින වැඩේනම් ලේසියෙන් කරන්න පුළුවන් උන දෙයක් නෙමෙයි.ගීත්ම උදෙන්ම අවදි උනේ මුල් දවසෙ වගේම බුදු මැදුර පිළියෙල කරල එතන කටයුතු වලින් දවස ආරම්බ කරන්න හිතාගෙන.උදෙන්ම නාගෙන වැඩට යන එකත් ඇඟට පොඩි ප්‍රබෝධමත් ගතියක් එකතු කරගන්න ලැබෙන අවස්තාවක් නිසා ගීත්ම උදෙන්ම නාගත්තෙ ඇඟට පහසුවක් ලබාගැනීමේ අරමුණින්.

"ගීත්ම...උඹ රෙඩිද බන්." කසුන් කාමරයට එනකොටත් ගීත්ම හිටියෙ නානකාමරය තුළ.

"මේ මට විනාඩියක් දියන්.මම ඉක්මනට ලෑස්ති වෙන්නම්."

"හරි එහෙනම් උඹ ලෑස්ති වෙලා පහලට වරෙන්.මම අපි දෙන්නට තේ එකක් ලෑස්ති කරගන්නම්."

"හරි කසුමෝ එළ.."

කොල්ලගෙ හිත ටිකක් නිදහසේ තියෙන එක ගැන වැඩිපුරම සතුටු උනේ කසුන්.ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඌ මෙහෙම හරි ආපහු ශක්තිමත් වෙන එක ඇත්තටම ලොකු දෙයක් කියන දේ කසුන් පහළට යමින්ම කල්පනා කළා.

දුරුතු සඳ...Where stories live. Discover now