නවවන දිගහැරුම...

83 7 9
                                    

"ගීත්ම මම උදේ අහපු දේ ගැන මොකද හිතන්නෙ.."

"මොකක්ද සර්?"

"ඇයි ළමයො මම කිවුවෙ මගේ ළඟ ඇසිස්ටන් විදියට වැඩ කරන්න කැමතිද කියන කාරණය."

"සර් මාව ගත්තෙ ලොකු සර්නෙ, ඒක නිසා ලොකු සර් කියපු දේ අහනව ඇරෙන්න මට ආයතනයේ නීති වලට පිටින් වැඩ කරන්න පුළුවන් කමක් නෑ සර්."

" මම ලොක්ක එක්ක කතා කරන්නම්."

"එපා සර්.මම තවම මෙතන වැඩට ඇවිල්ලා දවස් දෙකයි.ඒක නිසා මම කැමති නෑ අනවශ්‍ය ගැටලු ඇති කර ගන්න."

"ගැටළුවක් නෙමෙයිනෙ මේක."

"ඒ සර් හිතන විදිය.ඒත් මේක මට ගැටළුවක්."

" හරි එහෙමනම් අපි තව ටික කාලයක් මෙහෙම වැඩ කරල ඊළඟට මාරුවක් හදා ගනිමු."

"අපි බලමු සර්." ගීත්මට අධිකාරි සමඟ ගැටුම් නිර්මානය කරගන්න කිසිම උවමනාවක් නොතිබුණ නිසා ගීත්ම දුන් පිළිතුරු සියල්ලම ගැන ලොකු අවදානයක් ඒ හිතේ තියාගෙන වචන ගොනු කරන්න ගීත්ම වග බලා ගත්තා.

" අක්කෙ, මෙන්න මේ ටික අපිට ඉක්මනටම ඇරේන්ජ් කරන්න වෙනවා.මේ 41,42 රූම්ස් වල බාත් රූම් වල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.ඒක ගැන පොඩ්ඩක් බලන්න වෙනවා."

"හරි ගීත්ම මල්ලි.එහෙනම් ඔයා මේ ටික ගැන පොඩි සටහනක් දාල ලොකු සර්ගෙන් ඒක ඇපෲ කරගෙන එනවද."

" හරි මම අක්කට මේක හදල දාන්නම් මේල් එකක් , පොඩ්ඩක් චෙක් කරල මට දෙන්නකො."

"හරි පොඩ්ඩො."

ගීත්ම නිරාශගෙ මඟ පෙන්වීම මත සකස් කළ සියලු විස්තර අයතන ප්‍රධානියා වෙත රැගෙන යන විටත් වගීශ ඒ කාමරයේ ලොකු සාකච්ඡාවක නිරතව සිටින බව දැක ගන්නට ලැබුණ.ඒ කටයුතු වලට අපහසුවක් නොවන ලෙස ගීත්ම කාමරයෙන් පිටත රැඳී උන්නෙ අවස්තාවක් ලද පසු තමන් පැමිණි කටයුත්ත නිමාකර ගන්නා බවට තීරණය කරමින්.

ඒත් සමඟ ඇතුළතින් දුන් සංඥාව නිසා ගීත්ම කාමරයට ඇතුළු උනේ එහි උන් තම ප්‍රධානීන් දෙපළට එක්ස්කියුස් කරන ගමන්මයි.

"ගීත්ම.."

"සර් මේ ශීට් එක ඇපෲව් කරගන්න ඕන."

දුරුතු සඳ...Donde viven las historias. Descúbrelo ahora