පලමු ගිනිසිලුව 🔥

26 1 0
                                    

අම්මටයි අප්පච්චිටයි.....,

"මගේ ජීවිතේ මං කරපු ලොකුම වැරැද්ද තමයි ආදරේ නොකල යුතු පුද්ගලයෙකුට ආදරේ කිරීමත්,ආදරේ දිය යුතු පුද්ගලයෙකුට ආදරෙ නොදී සිටීමත්.......හැබැයි මං කවදාවත් කාටවත් වැරැද්දක් කරේ නෑ අම්මේ....ඔයාටත්...."

"අකේශ් අයියා කියන්නෙ මං එදා ඉදන් ආදරෙ කරපු කෙනා කියන්න ඔයා දන්නවා අම්මෙ....මට එයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් හිටියෙ නැ...අඩුම ඔයයි අප්පච්චීවත් මං එක්ක හිටියෙ නැ....ඔයාලා ඔයාලගෙ ලෝක වල...මං හිටියද නැද්ද කියන්න්වත් ඔයාලට මතක තිබුනෙ නෑ අම්මෙ...."

"අම්මෙ..........මං ආයෙත් අහනවා...එකම කොල්ලෙක් වෙනුවෙන් ආදරේ කරපු මං ඇත්තටම වැරදිද...අවුරුදු දෙකක් ම ඒ ගැන කාටවත් නොකීවෙ ඔයයි අප්පච්චී කවදාවත් මාව තේරුම් ගන්නෑ කියලා දන්න නිසයි....ඉතින් මං තවත් අහන්නෙ...එකම එක මනුස්සයෙක් වෙනුවෙන් මං මැරීගෙන ආදරේ කරපු එක වැරද්දී ද අම්මෙ...???"

"කෙල්ලෙක් විදිහට මං කවදාවත් ඔයාලගෙ ගවුරවයට කැරැල්ලක් ඇති වෙන්න වැඩ කරලා නැ....ඒත්.........ඒත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් විදිහට.........මං හුගක් උත්සහා කරා වැරැද්දක් නොවෙන්නම.....ඒත් අම්මෙ.................එදා ඒ සීමාව පයින්න ම උනා...මට සමාවෙන්න........"

"ඒත් මං විශ්වාස කරා එයා මං එක්ක හැමදාම ඉදී කියලා...එ විශ්වාසෙ මතයි මං මගෙ හැමදේම එයාට දුන්නෙ අම්මෙ....කොහොම විශ්වාස කරන්නද ඒ මනුස්සයා මනුස්සයෙක් නෙවෙ තිරිසනෙක් කියලා.....අවුරුදු ගානක් ආදරේ කරලා මගෙන් ප්‍රයෝජන අරන් මාව අතාරී කියලා මං හීනෙකින්වත් හිතලා තිබුනෙ නෑ අප්පච්චි....අනෙහ්...මට සමාවෙන්න මගෙ අප්පච්චි....""

"එදා මං ගෙදර ඇවිත් හුගක් ඇඩුවා අම්මෙ....හුගක් ඇඩුවා..ඒත් පස්සෙ හිත හදාගත්තා කමක් නැ..මේ ලෝකෙ මං ආදරේ කරපු එකම මනුස්සයා වෙනුවෙන් නෙ මං ඉදුල් උනෙ කියලා...ටිකකට මට හිත සනස ගන්න ඒ සිතුවිල්ල ඇති උනා.........ඒත් ඊට පහුවදා වැහි අන්දාකාරයක් වගේ මගෙ මුලූ ජීවිතේම අදුරු උනා අම්මෙ...එ තිරිසනා මාව එපා කියද්දි.......කරේ බොරුවක් කියලා කියද්දි.......මට කරකියා ගන්න දෙයක් නැති උනා අප්පච්චි...මට මහ මූසල වේදනාවක් දැනුනා...."

"අකේශ් අයියා මාව ප්‍රතික්ශේප කරා උනත්......මට දැනුනෙ මුලු ලෝකයක්ම මාව ප්‍රතික්ශේප කරලා දැම්මා වගෙ...එදා හවස ඒ දැනුනු වේදනාව......මට කවදාවත් දැනිලා නෑ අප්පච්චි....මට ඒක කියන්න කෙනෙක් හිටියෙත් නැ...හැම රැයක්ම මං ඉකි ගහ ගහ ඇඩුවා අම්මෙ....ඔයාලා කාටවත් දැනුනෙ නැ...."

"ඊට පස්සෙත්.......ඔයාලා ඒක දැනගෙන මාව බැල්ලියක් ගානට දාලා මට බැන්නා අම්මෙ....මං දන්නවා මං වැරැද්දක් කරේ කියන්න....ඒත් මං ආදරේ කරපු එකම මනුස්සයා වෙනුවෙන් මගෙ හැමදේම දීපු එක වැරදිද අම්මෙ..මාත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක්.....මං ආයෙත් අහන්නෙ...ඇත්තටම මං වැරදීද අම්මේ......."

"ඔයා කියද්දි මාව දකිද්දිත් පිලිකුල් කියලා.......මට එවලෙම යන්න හිතුනා අම්මෙ...පිරිමියෙක් එක්ක බුදිය ගත්තු ගෑනි,වේසාවි,අපේ මූනෙ දැලි ගෑවා කියලා මාව කාමරෙට දාගෙන ගහද්දි.............මාව මගෙ පව්ලෙ මිනිස්සුන්ම පිලිකුල් කරද්දි,වැරදි කරන ගෑනියක් විදිහට දකුද්දි.........මට සමාජෙ මිනිස්සු මොනා කියයිද කියලා බය හිතුනා අම්මෙ...""

"
"පටලයක් නිසා කෙල්ලෙක්ගෙ වටිනාකම නැති වෙනවද අම්මා.....සමාජය ඉදිරියෙ පිලිකුලක් වෙනවද.....එතකොට මේ අහවල් පටලයක් නිසා අද මං අම්මටත් ජරා ගෑනියක් උනාද අම්මාහ්...??? එතකොට එ තිරිසනා.....???"

"මේ සමාජෙ ඇයි එච්චර අසාදාරන........ වැරදි කරන ගෑනු ඕනෙ තරම්.........ගනිකාවො ඕනෙ තරම්.......හැබැයි ඒ හැම කෙනාම සතුටින්.....වැරදි නොකරන මං වගෙ මිනිස්සු.....?? හැමදාම වැරදී අම්මා....ඇත්තටම මං අහන්නෙ....ආදරෙ කරපු එකම මනුස්සයා වෙනුවෙන් මං මාව පරිත්‍යාග කරපු එක වැරද්ද අම්මා.......""

"අප්පච්චි.........මං ආයෙත් අහන්නෙ...ඇත්තටම මං වැරදී ද...........??? "

"අප්පච්චි........අම්මාහ්.......මට සමාවෙන්න....... නොකීවට මං ආදරෙයි...පරිස්සමින් ඉන්න.......""

"සුදු නෝනගෙන්...............



ගිනිඩිලුව නිවීයයි....🔥

The VirginityWhere stories live. Discover now