හත්වන ගිනිසිලුව🔥

4 1 0
                                    

මේ දවස් වල වැස්සත් එක්ක මේ පැත්ත මාරම සීතලක්...ඔයෙත් වතුර පාරෙ සද්දේ වෙනදට වඩා වැඩීයි...සමහර විට ඒ වැහි වතුර එකතු උන නිසාද කියලත් ඔයේ සද්දේ ඇහෙන වාරයක් පාසා කීප වතාවක්ම හිතුනා මට...

"අප්පච්චි........අම්මා ෆැක්ටරියට ගියාද...."

ඉස්තෝප්පුවෙ ඉදගෙන හිටිය අප්පච්චිගෙන් ඇහුවෙ මං තේ කෝප්පයෙන් උගුරු දෙකකුත් බීලා උලුවැස්සට හේත්තු වෙන ගමන්.....

"ඖ සුදු නෝනා....මාත් දවල් වෙලා යන්න ඕනෙ එ පැත්තෙ...."

"..............."

"සුදු නෝනා...........!!"

"අප්පච්චි.........??"

"කැම්පස් තේරිලා කැමපස් ගියෙත් නැ...අපෙ ෆැක්ටරියට එන්නෙත් නැ....දිගටම ඔය පොඩි පඩියට බැංකුවට යන්න ද හිතාන ඉන්නෙ......??"

"බලමුකො අප්පච්චි...මට තව ටිකක් කල් ඕනෙ..... ආ ඒක නෙවෙ අප්පච්චි......"

අප්පච්චි අහපව් වතාවක් ප්‍ර්ශ්න අහන්න කලින් මංම අප්පච්චිව නොමග යැව්වා.......

"කියන්න සුදුනෝනා......."

"මං කඩේට ගිහින් එන්නම්....මගෙ ශැම්පො එකත් ඉවර වෙලා.."

"කුසුමෙව යවන්න සුදුනොනා..."

"කමක් නෑ අප්පච්චි.......මං ගිහින් එන්නම්..අප්පච්චිට මොනා හරි ගේන්න ඕනෙද...??"

අප්පච්චි එයාගෙ කමිසෙ සාක්කුවට අත දාලා සල්ලි වගයක් එලියට ගත්තා....

"ආ ......කරුන්කා සීයකත් අරන් එන්නකො..."

මං ඉතින් සල්ලිත් අරන් තේ කෝප්පෙ ගිහින් කුස්සියෙන් තියලා කඩේට යන්න ලෑස්ති උනා...කෝකටත් කියලා කුඩයක් ගත්තෙ වැස්ස ශුවර් නැතිම නිසයි......

කඩේ තිබුනෙ ත් මං වෙනදා දික්පිටියට යන්න බස් එකට නගින තැනම හන්දියෙ.... එ නිසා ඉතින් සැලකිය යුතු පොඩි දුර ප්‍රමානයක් යන්න තියෙනවා...අපේ ගෙදරට නම් මාසෙට සැරයක් ටව්මෙන් බඩු ගේන නිසා කඩේට යනවා අඩුයි...අවශ්‍ය දෙයක් තිබුනොත් මාත් වැඩ ඇරිලා එන ගමන් එහෙන් අරනුයි එන්නෙ....

මං ඉතින් තේ කෑල්ල මැද්දෙන් තියෙන අඩිපාර දිගේ ගිහින්.....ඊට පස්සෙ ඔයෙන් අනිත් පැත්තට එගොඩ වෙලා පයිනස් ගස් වත්ත මැදින් ඇවිදන් ගියා... සමහර විට කෙනෙක්ට හිතෙනවා ඇති අපේ ගෙදරට වාහනයකින් එන්න බැරි ද කියලා....නැ නෑ පුලුවන්....අපිටත් car එකත් තියෙනවා..අම්මා උදේට යන්නෙ ඒකෙ...අපෙ චූටි මල්ලිලාගෙ ගේ පාස් කරන් යද්දි උඩහට වෙන්න තාර පාරක් තියෙනවා...එහෙනුත් අපේ ගෙදරට යන්න එන්න පුලුවන්....

The VirginityWhere stories live. Discover now