සයවන ගිනිසිලුව🔥

8 1 0
                                    

ඉතින් bank එකෙ වැඩත් ඉවර කරලා 5:30 ට ගමට යන්න තියෙන බස් එකේ මං ගෙදර ආවා.......

"අහ් සුදුනෝනා.........ආවද ඔයා...?"

මං ගෙට ගොඩ වෙනවත් එක්කම කැල් එකත් අතේ තියාන ගනන් වගයක් හද හදා හිටපු අප්පච්චි මට කතා කරා.....

"ඖ අප්පච්චි....හරි මහන්සී අනේ......"

"හරි හරි.....හෙට උදේ වෙනකංම නිදාගන්නකො..ඉරිදනෙ හෙට...දැන් ගිහින් නාගන්නකො........"

"අප්පච්චී........කෝ අම්මා..."

"ඕන් අම්මා ෆැක්ටරිය පැත්තෙ ගියා...එන්න රැ වෙයි මං හිතන්නෙ...."

මං ඉතින් කාමරේට ගිහින් සාරියත් මාරු කර ගෙන පල්ලෙහා ඔයට යන්න ඇදුම් ටිකයි,තුවායයි,අනිත් කලමනාකරන ටිකයි බාල්දියට දාගත්තා.......

"මොකො සුදු නෝනා තවත් පේන බලන්නෙ...යන්න ගිහින් රැ වෙන්න කලින් නාගන්න.."

"ඒක තමා අප්පච්ච් මාත් බැලුවෙ...වෙනදා මං එන්න පරක්කු උනාම මෙතන ඩෙගා නටන යකා අද මොකො පරක්කු කියලා......."

"ආ පැටියො...............කොහොමද.......ඔන්න මලෙන් උපන් කුමරු පැමිනියා..."

"අහ් ඔය ආවෙ සුදු නෝනා අනිත් මදි අඩු පාඩුවත්......"

අප්පච්චි සමච්චලේට වගේ කීවෙ දොර ලග හිටන් හිටිය කෝටු කිචයියට.....ඒ අපෙ අප්පච්චිගෙ අයියගෙ පුතා.... මගෙ ලොකු තාත්ත්ගෙ එකම කොල්ලා.....නම මතීශ සස්මිත් අදිධාරි... අවුරුදු 15 ක ඉලන්දාරියා උනත් තාම නිදාගන්නෙ ලොකු අම්මගෙ අස්සෙ..... කොල්ලාගෙ ගෙදර තියෙන්නෙ අපෙ ගෙදරට එහා පැත්තෙ...

කට නම් ඉතින් ටිං බෙලෙක්කෙ.. කීවට මොකද ඉතින් ශරීර කූඩුව නම් හම නැත්නම් කෝටු ටිකත් බිම වගෙ...හැබැයි ඉතින් පොර හැන්ඩියා...දකින ඕනෙ කෙනෙක් ට අනේ ඒ කොල්ලා නම් ශෝක් කියන්න පුලුවන් තරමට ඉන්නවා...

"ආ චූටි මල්ලි.....මොකො අද පරක්කු...??"

"අනේ චූටි අක්කෙ....දවසක් කලින් ආවා කියලා රගන්නෙපා..කමක් නෑ.....එන්න පනේ අපි යන්න...."

"ඖ ඖ...දෙන්නම ගිහින් ඉක්මන්ට නාගෙන එන්න..රැ වෙනවා...හෙට බැරියයි රන්ඩු වෙන්න.."

අපේ කතාවට කන් දීගෙන හිටපු අප්පච්චි ටිකක් සැරෙන් කීවා...ඉතින් අපි දෙන්නා ඉක්මන්ට එතනින් මාරු උනා.......

The VirginityWhere stories live. Discover now