මං බස් එකෙන් බැහැලා වටපිට බැලුවෙ අකේශ් අයියා ඇත්තටම ඉන්නවද බලන්නයි....එතකොටම.......
"අපි යමුද........."
මට පිටිපස්සෙන් කතා කරෙ හුරු පුරුදු කට හඩක්...ඖ ඒ අකේශ් අයියා.....මං ඉතින් හා කියන්න වගේ අකේශ් අයියට ඔලුව වනලා එයත් එක්කම පයිනස් ගස් මැද්දෙන් ගියා...
"අය්යා ඇයි මේ රෑ කඩේ ආවෙ...කිව්වා නම් මං එන ගමන් ඕනෙ දේවල් ගේනවනෙ.."
යන ගමන්මයි මං ඇහුවෙ...
"මට ඒක ගානක් ගියෙ නෑ....ඇයි අද පරක්කු..."
"සමහර දවස් වලට මෙහෙම තමා අයියෙ..බැංකුවේ දෙන්නෙක්ම අස් උනා...ගොඩක් දුරට දැන් රැ වෙනකං ඉන්න වෙයි..."
"එතකොට දිගටම් මේ වෙලාවටම ද එන්නෙ..."
"සමහරවිට...කියන්න බැ...රැ වෙනවා කියලා එතන වැඩ දාලා කලින් එන්න බෑනෙ....."
"හ්ම්ම්........ඔයාව වෙනදට එක්ක යන්න කවුරුත් එන්නැද්ද ...තනියමද යන්නෙ..."
"ඖ ඉතින්...කවුරු එන්නද..අනික ඉතින් මේ ටික යන්න බැරි කමක් නැ....."
"අහ් ඇත්තද........"
අකේශ් අයියා ඒක ඇහුවෙ හිනාවකුත් සමච්චලේකටත් එක්කයි..කලුවරේ උනත් එයා අතේ තිබුනු ටෝච් එලියට ලාවට වගේ මට ඒ හිනාව පෙනුනා...
"ඇයි............?"
"ඔක්කොටම කලින් ඔය නූඩ්ල්ස් කොන්ඩෙ බැදගන්නකො......"
"ඇයි........."
"මහ රැ කොන්ඩෙ කඩාන ගමන් බිමන් හොද නෑ ගෑනු ලමයි ට..."
නගරෙ හැදුනත් එයාගෙ ඒ කතාවට නම් මගෙ හිතට හරි අමුත්තක් දැනුනා...මං ඉතින් කොන්ඩෙ අත් දෙකට අරන් කරවකලා කොන්ඩ ගුලියක් ගහගත්තා........ඇයි කීවොත් මට ඒ වචන දෙක තුනේ හරි පරිස්සමක් දැනුනා ....
"මීට කලින් කාටහරි කියලා තියෙනවා වගෙ...."
මං අහපව් අකේශ් අයියගෙ මූන දිහා බැලුවා.........
"අපෝ නෑ........."
"එහෙනම්............???"
"අපෙ තාත්තා මගෙ අම්මට කියලා තියෙනවා........."
"ම්ම්හ්........කොල්ලා යමක් කමක් දන්නවා ඒ කියන්නෙ..."
"..................."
YOU ARE READING
The Virginity
Romance"පටලයක් නිසා කෙල්ලෙක්ගෙ වටිනාකම නැති වෙනවද අම්මා.....සමාජය ඉදිරියෙ පිලිකුලක් වෙනවද.....එතකොට මේ අහවල් පටලයක් නිසා අද මං අම්මටත් ජරා ගෑනියක් උනාද අම්මාහ්...??? එතකොට එ තිරිසනා.....???"