"යන්කො නීතා අක්කෙ..අපි ගිහින් සුදු ඇදුමක් දාන් එමු...කෝ නැගිටින්නකො."
අම්මගෙ ඔලුව අතගගා හිටිය ශ්රියානි ආන්ටි අම්මව බලෙන්ම වගෙ නැගිට්ට ගත්තා...
"අනේ අම්මෙහ්...ඇයි සුදු අදින්නෙ...කතා කරන්නකො..."
"..........."
"ශ්රියානි ආන්ටි...ඔයාවත් අම්මට කියන්නකො අනෙහ්..මොකක්ද මේ වෙන්නෙ....ඇයි මෙහෙම කරන්නෙ...?"
මං කොච්චර කෑගැහුවත් එයාලා කවුරුත් මාව ගනන් ගත්තෙ නෑ....මගෙ කිසිම ප්රශ්නෙකට උත්තර දුන්නෙ නැහ්......
"දුව........ආන් අයියා කතා කරනවා.."
ක්ශනික මං කටහඩ ආපු පැත්තට බෙල්ල හැරෙව්වෙ නාදුනන කටහඩක් උනත් කවුරු හරි මට ඇහුන්කම් දුන්නනෙ කියන හැගීමෙනි..........
"මොන අයියද මාමෙ......??"
මං ඇහුවත්.........මගෙ කාමරෙ හිටපු ගෑනුකෙනෙක් ගෙ ඔඩොක්කුවේ ඉදන් හිටිය පොඩි ගෑනු ලමයෙක් දුවලා ගිහින් ඒ ආපු මනුස්සයා අතේ එල්ලුනා.........එතකොට එයා මට නෙවේද කතා කරේ.......???
අකේශ් අයියා තාමත් හිටපු තැනම ඒ විදිහට ඉදෙගෙන ඉන්නවා...කොල්ලා හිටපු විදිහට නම් මට දුක ත් හිතුනා..ඒත් මේ තිරිසනා මාව රැවැට්ටුවනෙ කියලා මතක් වෙන වාරයක් ගානෙ මගෙ හිතේ ඉපදෙන අනුකම්පා සහිත හැගීම් අග්නියෙන් දැවී ගියා....එ නිසා මං ආයෙ ඒ අමුනුස්සයට වචනයක්වත් කතා නොකර එතනින් ආවා....
ගේ අවට එහා මෙහා දැන් නම් මිනිස්සු 20/ ක් 30 ක් එහාට මෙහාට යනවා...හැබැයි ඒ හැමෝම එකේක වැඩ වල...තවත් සමහරු අපෙ ගේ අස් කරනවා...මට නිකමට හිතුනා අම්මයි අප්පච්චි මෙච්චර මිනුස්සු ගොඩක් ගෙදර වැඩට ගත්තද කියලත්........
ගෙදර වැඩට මිනිස්සු 20 ක් 30 ක්.......???? ඒක මහ විකාර කතාවක් නේද......ඖ...ඒක විකාර කතාවක්....ඒ විකාර කතාව මොකක්ද කියලා මට තේරුනෙත් නැ ...මොකක්ද මේ වෙන්නෙ කියලා අහගන්න හරි තිබුනා......ඒත් මේ කිසිම කෙනෙක් මං එක්ක කතා කරන්නෙ නෑනෙ...........
මං අහපව් ආවෙ ගේ ඉස්සරහට...අපේ ගේ හරියට පරන කාලෙ වලව්වක් වගෙ....තනි සුදු ගාපු,දොර පියන් දෙකෙ මහ විශාල ද්වාරයක් තියෙන්නෙ....ආරුක්කු හැඩේට හදලා තියෙන සිමෙන්ති බැම්ම........ඒවයෙ තියෙන කැටයම්.........දුර ඉදන් ගේ දිහා බලන ඕනෙම කෙනෙක් ගෙ සිත් ගන්නා සුලු දසුනක් ගේන්නෙ.........
![](https://img.wattpad.com/cover/385047534-288-k6784.jpg)
YOU ARE READING
The Virginity
Romance"පටලයක් නිසා කෙල්ලෙක්ගෙ වටිනාකම නැති වෙනවද අම්මා.....සමාජය ඉදිරියෙ පිලිකුලක් වෙනවද.....එතකොට මේ අහවල් පටලයක් නිසා අද මං අම්මටත් ජරා ගෑනියක් උනාද අම්මාහ්...??? එතකොට එ තිරිසනා.....???"