සිව්වන ගිනිසිලුව🔥

15 1 0
                                    

ශෙනුල්‍යාගෙ ඇස් අදහා ගන්න බැරි උනා..එයාගෙ හීනි ඇස් ඉබේටම විශාල උනා.....එයා තවත් ඒ රූපෙ අයිති කෙනා ලගට පියවර තැබුවා....

"අම්මා.......ඔයා මෙතන....??"

ඇත්තටම මං මෙහෙම ඇහුවෙ අම්මා හිටියෙ ශ්‍රියානි ආන්ටිත් එක්ක...අඩපු මූන,ඉදිමුනු කම්මුල්,අව්ල් උනු කොන්ඩෙ....ඒත් මෙතන.......එයා දිස්නෙ දෙනවා....හරිම ප්‍රියමනාපයි.. එයා ගාවින් එන සමන් පිච්ච මල් සුවද...මනුස්සයෙක්ව මෙච්චර ප්‍රියමනාප විදිහට දකින්න පුලුවන් ද...??

"ඖ සුදු නෝනා.......මං මෙතන...එන්න ශෙනුල්‍යා......"

අම්මා කවදාවත් මට මෙච්චර ආදරෙන් කතා කරලා නැ.....ඒත් මෙහෙම.....

"අම්මා..........අපි කොහෙද මේ ඉන්නෙ...??"

මං එහෙම ඇහුවෙ අම්මා ගාවින් ඉදගෙන...අපි හිටියෙ සුදු පාට චූටි චූටි මල් පිපුනු ගහක් යට........ඒ මල් වලින් එන සුවද......ඒක නම් පිස්සුවක්..

"ඔයාගෙ හිතේ ශෙනුල්‍යා......!!"

"මගෙ හිතෙ.........??"

ප්‍රශ්නාර්තයකුත් එකතු කරගෙනයි මං අම්මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ.........

"................"

මං අම්මගෙ මූනදිහා බැලුවා.....එයාගෙ මූන හරිම ලස්සනයි.....අම්මට තිබුනෙත් මට වගේම කැරලි ක්‍රේල් නූඩ්ල්ස් කොන්ඩයක්....ඒ වගේම දිගැටි තද කලු ඇහි පිහාටු.......තද නිල් පාට ඇස්....හරියටම කීවොත් අම්මගෙ කොපියක් මං....හැබැයි එයා මගෙ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට කරේ.........

"සුදු නෝනා..........."

"අම්මා........!!'

"පුංචි අම්මා ඔයාට හුගක් කරදර කරා නේද.......?"

"පුංචි අම්මා.......??"

මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා....මට ඒකට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උනා...ඒ වෙනුවට මං උත්තර නැති නිශ්ශබ්ද ප්‍රශ්නයක් උනා.........

"ඖ.....පුංචි අම්මා........මගේ සුදු නෝනට පුංචි අම්මා සෑහෙන්ට වෙනස් කම් කරා නේද දරුවො...."

අම්මා මාව නොතේරෙන කතාබහක් මැද්දෙ එයාගෙ පපුවට වාරුකර ගත්තා....මට මේ උනුසුම ලැබෙන්නෙ.................

The VirginityWhere stories live. Discover now