දහවන ගිනිසිලුව 🔥

3 1 0
                                    

"මතීශ මල්ලි..........!!"

මතීශත් එක්ක කාමරේට වෙලා කාමරේ බිත්ති වල තීන්ත ගගා හිටපු අකේශ් වැඩේ අතරතුර මතීශට කතා කලේ.........

"ඔහ් කියන්න අකේශ් අයියා........!!"

"මං මේ නිකන් අහන්නෙ........"

"එහෙනම් අහන්නෙපා අයියා......."

"ඇයි.......??"

"නිකන් නෙහ් අහන්නෙ........."

"හරි හරි...සිරාවටම අහන්නෙ...මෙ අහනවකො....."
"...................."

"ශෙනුල්‍යා නංගිට කොල්ලෙක් එහෙම ඉන්නවද දන්නෑ නේහ්........."

තීන්ත ටික ගාන ගමන් අකේශ් ඇගටත් නොදැනෙන විදිහට මතීශගෙන් ඇහුවෙ....මතීශ තීන්ත බකට් එකත් බිමින් තියලා අත් දෙකත් ඉනට තියාන අකේශ් දිහා බැලුවා.........

"ඇයි ඔහොම බලන්නෙ...මං ආය වැරදි දෙයක් ඇහුවැයි....."

"නෑ...නැ...වැරදි දෙයක් නම් ඇහුවෙ නැ...."

"අහ් ඒකනෙ........කියනවකො ඉතින්......කොල්ලෙක් ඉන්නවද......."

"ඇයි දන්නෑ නෙහ් මේ හදිස්සියේම......"

"එහෙම හදිස්සියක් නැ..මං මේ නිකන් ඇහුවෙ...දැන් ඉතින් ශෙනුල්‍යා කියන්නෙ මගෙම නංගි වගේනෙ........"

"අප්පද බොල අම්මා ගහයි බැට් එකෙන් කීවලු......."

"ඇයි...........??"

"නැ නෑ.......අපේ චූටි අක්කා වෙනුවෙන් අයියගෙ හදවතේ බුර බුරා නැගෙන සහෝදර ප්‍රේමය ගැන මං මේ කල්පනා කරේ..........."

"එහෙම මගුලක් නෙවෙ ඕයි........"

එහෙම කියලා අකේශ් තීන්ත ගාන එක නවත්තලා මතීශ දිහා බැලුවා.......

"මාත් කියන්නෙ මගුලක් නෙවෙ ඕන්.......අයියගෙ හිතේ උතුරා ගලා යන සහෝදර ප්‍රේමය ගැන...."

මොනා උනත් අකේශ් ට තේරුනා මතීශ කියන්නෙ කටින් රවට්ටන්න පුලුවන් කොල්ලෙක් නෙවෙ කියලා...............

"චූටි මල්ලි................!!!'

"අහ් ඔන්න එනවා අයියගෙ සහෝදර ප්‍රේමය.."

"අනේ මේ..."

සාලෙ පැත්තෙන් ආවෙ ශෙනුල්‍යගෙ කට හඩ.......

"අහ්....දෙන්නා බරටම වැඩ වගෙ නෙහ්..."

ශෙනුල්‍යා උලුවැස්සට හේත්තු වෙන ගමන් කාමරෙ වටේ ඇස් යැව්වා..

The VirginityWhere stories live. Discover now