පස්වන ගිනිසිලුව🔥

10 1 0
                                    

"අප්පච්චි....මං එහෙනම් ගිහින් එන්නම්..."

"සුදු නෝනා........!!"

යන්න හදපු අඩිය අහපව් පස්සට ගත්තෙ තාත්තගෙ ඒ ආදරනීය ආමන්ත්‍රනය මට ඉදලා හිටලා අහන්න ලැබෙන නිසයි......

"අප්පච්චි.......??"

"නැ සුදු නෝනා...ඔයාට ඔය රස්සාව කරන්නම ඕනෙද....??"

"අප්පච්චි.........???"

"නෑ සුදුනෝනා........ඔයා දන්නවනෙ අම්මා වැඩි කැමැත්තක් නැ කියලා.."

"අපි වලව්කාරයො නිසාද....??"

"..............."

" පිට තැන් වල වැඩ කරද්දි අම්මගෙ වලව් මාන්නෙ දියවෙලා යනවා වගේද අප්පච්චි......"

එතනින් එහාට මං ආයෙ මුකුත් ම අහන්න ගියෙ නැ..මං ගෙයින් මිදුලට බැහැලා ගල් අතුරපු පොඩි පියගැටපෙලෙන් පාරට බැස්සා..පාරක් කීවට පාරක්මත් නෙවෙයි...පොඩි අඩිපාරක්.......තේ වතු යායක් මැද්දෙන් යන පොඩි අඩි පාරක්...

දැන් උදේ හයට විතර ඇති..මීදුමත් එක්ක මේ වටපිටාව හරි අපූරු දසුනක් ගේන්නෙ.අපේ ගෙදර තිබුනෙ කන්දෙන් ටිකක් උඩට වෙන්න නිසා මිදුලට ඇවිත් වටපිට බැලුවොත් පේන තෙක් මානෙ පේන්නෙ තේ වතු...හරියට කොල පැහැති කාපට් එලලා වගෙ...තව පැත්තක කරාබු නැටි ගස් යායවල්...ඊට ත් වඩා මේ ගම වටවෙලා තියෙන කදු වලල්ල...ඒ තැන් තැන් වල ගෙවල් පිහිටලා තියෙන අපූරුව....අතරින් පතර තියෙන පයිනස් ගස් පංති...ඒවා හරියට උස ගිහින් තියෙන්නෙ අහසට ඉනිමං තියලා වගෙ.......ශ් ඇයි තව දෙයක්..මෙහෙ ඉතින් කූඩැල්ලො සේනාවෙන් නම් අඩුවක් නෑ ඔන්න...

තේ වතු යාය මැදින් වැටිලා තියෙන අඩිපාරෙන් පහලට ගියාට පස්සෙ හම්බෙන්නෙ තැන් තැන් වලින් එකතු උනු පොඩි දිය ඇලිත් එක්ක හැඩ උනු තැනින් තැන කලු ගල් අරක් ගත් මහ විශාල ඔයක්.....ඔයක් කියන්නෙ ඔයක්....ඔය එහා පැත්තෙන් පොඩි පාලක් තිබුනත් අනිත් පැත්තට එගොඩ වෙන්න......මං නම් කවදාවත් ඒ පාලම පාවිච්චි කරන්නෙ නෑ.....වතුරට අරක් ගත්තු තැනින් තැන තියෙන සුවිශාල ගල්, කුඩා ගල් ,ගල් පතුරු........වගේ දේවල් වල උදව්වෙන් ගලෙන් ගලට අඩිය තියලයි අනිත් පැත්තට මාරු වෙන්නෙ......

මං දන්නවා හැබැයි එක දෙයක්...කවදාහරි මේ වැඩෙන් නම් මං හොදට නාගන්නවා...මොකද එහෙම උනු අවස්ථා එමටයි.......මේ ඔයේ සද්දේ අපේ ගෙදරට ත් ඇහෙනවා.....හැමතිස්සෙම ඒ "හෝ........හෝ........" සද්දෙන් නම් අඩුවක් නැ අපේ ගෙදරට....ඔයේ ගලාගෙන යන වතුර පහරෙ මෙච්චර සද්දෙ සමහර විට එයාලා මේ තැනින් තැන ඉන්න ගල් පතුරු එක්ක වාද කරනවද දන්නෙ නෑ එයාලගෙ පාර හරස් කරනවා කියලා.....

ඔයෙන් එගොඩ උනු මට ඊවාගට යන්න උනෙ පයිනස් ගස් වත්තක් මැදින්...කාට හරි බොලිවුඩ් විශුවල් එකක් කරන්න කියාපු පැත්ත.......කෑගල්ල කියන්නෙ ඉතින් ස්භාවික සව්න්දර්ය අතින් නම් මගෙ ලිස්ට් එකෙ ප්‍රධාන තැනක්....පයිනස් ගස් අතරින් ගියපු මං ඊගාවට වැටුනෙ ප්‍රධාන පාරට...කිලෝමීටර් දෙකක් යනකන් ම මේ පාර දෙපැත්තෙ අහස උසට වැඩුනු පයිනස් ගස් විහිදිලයි තිබුනෙ....

මං හිටියෙ ගංතුනෙ....දික්පිටිය බස් එක එන්නෙ 6:20 ට වගෙ....මං ඉතින් අතේ බැදප ඔරලොසුවෙන් වෙලාව බැලුවා....අහ්..ඔය එන්නෙ.....

"නගින්න ,නගින්න...."

කොන්දොස්තරගෙ star pack එකහ්...

"නගින්න,නගින්න
බහින්න,බහින්න්,
ඉක්මන් කරන්න
ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න"

මං ඉතින් ඉස්සරහ තිබුනු ශීට් එකෙ ඉදගෙන ජනේලෙට ඔලුව තියාගත්තා...හැමදාම දකින දසුනම තමයි....ඒත් මේ පරිසරේ දකින්න දකින්න මට නම් ආසයි...... දික්පිටියෙන් බැහැපු මං ඊගාවට ගියෙ අපෙ office එකට...ස්ටෑන්ඩ් එකෙ ඉදන් මීටර් 200 ක් වගෙ යන්න තිබුනු දුර ප්‍රමානයකින් පසුව මං ගියේ අපෙ office එක ඉස්සරහට.....

මං වැඩ කරේ මෙහෙ තියෙන ග්‍රාමීය බැංකුවෙ.....මං දැන් මාස හයක් වගේ මෙතන වැඩට ඇවිල්ලා...

"අහ් Shenulya,,,Good morning....."

"Good mornin Anu.........."

එ මගෙ office එකෙ වගේම ස්කෝලෙ යන කාලෙ ඉදන් එකට හිටපු මගෙ හොදම යාලුවා. ඉතින් එයා ඉන්න නිසා නම් මට පාලුවක් තිබුනෙ නැ....

මං ඉතින් ගිහින් මගෙ table එක ගාවින් ඉදගෙන මගෙ බෑග් එකත් ලොකර් එකට දාලා මේසෙ උඩ තිබුනු file ටික පිලිවලකට හැදුවා...........

"අහ් එන්න ඇතුලට..."

Office එක ඇතුලෙ නිශ්ශබ්දතාවය බිදිමින් ඒ කතා කරෙ සෙනරත්....

ඒ ආවෙ ටිකක් මැදි වයසෙ ඉන්න පිරිමි කෙන්ක් .....එයා කෙලින්ම ගිහින් වාඩිඋනෙ අනූගෙ ටේබල් එක ඉස්සර හ තියෙන පුටුවෙන්...ඉතින් මං අහපව් මගේ වැඩේට අවදානෙ යොමු කරා.....




🔥ගිනි සිලුව නිවුනු ....

The VirginityWhere stories live. Discover now