"මැව්වේ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා
නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහෙන් වාගේ ඔයා
කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා
යන්නට දෙන්නට බෑ මගේ සොකරිට ලගින්ම ඉන්න සුදා නානනනානන නා...🎶"සින්දුව ඉවර වුන ගමන් අපි හැමෝම හයියෙන් අත්පුඩියක් දුන්නා . නිකේෂ් නම් විසිල් එකකුත් දුන්නා .
" තැන්ක් යූ ...තැන්ක් යූ . ඒත් දැන ඔය බෙරිහන් දෙන එක අඩු කරපල්ලා . සොම්බියෙක් ඇවිල්ලා තොපේ කට කෑවත් මම පුදුම වෙන්නේ නෑ ඔය කෑගහන කෑගැහිල්ලේ තරමට . සද්දේ අඩුකරපියව් යකෝ , ටෙන්ට්වල පොඩි එවෝනුත් නිදි . "
ටිරාන් තැන්කිව් කියලා ආපිට ආයෙත් බැන්නා කියහන්කෝ . එයා කිව්ව කතාව ඇත්ත හැබැයි . මම එද්දි 6ත් පහු වුන නිසා මම මෙහේ ඉන්නේ කවුරු කවුරුද කියලා තමා හරියට දන්නේ නෑ . ටිරාන්ගේ කට හැකර වුනාට උගේ හිත හොදයි කියලා දැන් මට තවත් කම්ෆෝම් වුනා .
" අඩෝ ඔව් නේ . මටත් දැන් නේ බං පොඩි උන් ඉන්නවා කියලා මතක් වුනේ . උඹේ සින්දුවේ පවර් එකට මට ඒකත් අමතක වුනා "
නිකේෂ් ඔලුව කහ කහ එහෙම කිව්වා . මුගේ ඔලුවේ ඉස්සොරි ද සාන්ත . ආපෝ...
" ඒ කොල්ලෝ තව එකක් කියහන්කෝ "
ඒ ඉල්ලිම සිදු කරේ කෙනුල්ගේ පිය සැමියා වෙච්ච යශ්මිත .
" අඩෝ දැන් බෑ යශ්මිත . මගේ කටත් රිදෙනවා . මේ අශ්වින් උඔ කියහන්කෝ එකක් . අදමනේ තෝ අපේ සාජ්ජෙට ආවෙත් . දැන් සින්දු කියන්න දන්නේ නෑ කියලා නම් කියන්න එපා හොදේ . "
ටිරාන් එහෙම කියද්දි මම ක්ෂණික ව ලෙවින් අයියගේ පැත්තට හැරුනා . තව පොඩ්ඩෙන් බෙල්ලේ ඇටෙත් පනිනවා .
" අඩෝ අපේ අශ්වින් බොසාටත් සින්දු කියන්න පුලුවන් ද . මරු නේ බං ."
යශ්මිත ඇස් දෙකත් ලොකු කරගෙන එහෙම අහද්දි ලෙවින් අයියා ලාවට හිනාවක් දැම්මා .
" අයියෝ ටිරා මට බෑ ඕයි සින්දු කියන්න . උඔ ම කියපන් ඊලග එක "
" අයියෝ ලෙවින් අයියේ එකක් කියන්නකෝ ."
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...