03 ♥️

102 16 0
                                    

" Yep .. I'm Levin Ashwin, owner of this company "

"මො..මොකක් "

" ඇයි ඇහුනේ නැද්ද කිව්ව දේ .කඩ්ඩ තේරෙන්නේ නැත්තන් සිංහලෙන් ම කියන්නම්කෝ . මම ලෙවින් අශ්වින් . Today නිවුස් කම්පැනි එකේ බොස් . "

කින්ඩි හිනාවක් දාන ගමන් අශ්වින් කියන එකා එහෙම කිව්වා . මොකක් ද ඒ මූ කිව්ව කතාවේ තේරුම . එතකොට මූ ද මේ කම්පැනි එකේ බොස් . නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද . ඇත්තට ම එහෙම වුනොත් මූ මට අදම අස්වීම දෙයි ද .

අනේ අපේ අම්මා මාව මරලා දායි යකෝ . ගියපු පලවෙනි දවසෙම මහා පතරංග බාල්දියක් දාගත්ත ද එවෝන් පුචේ උඔ . යසයි කොල්ලෝ .

මගේ බය වෙච්ච මූණ දැකලා අශ්වින් වෙන්ඩ බොසාට තවත් හිනා ගියා . මූ මගේ ඇග උඩින් අයින් වෙන්නෙත් නෑ නේ . සැක් මුට දෙකක් කියන්නවත් කට අරින්න හිතෙන්නේ නෑනේ .

මෙයා ඇත්තට ම මගේ බොස් නම් මම කාලා හමාරයි . අයියෝ තිස්තුන් කෝටියක් දෙවියනේ ...උඔලා කොහෙද අප්පා . ඔයාලා වැකේෂන් ද . අහෝ මට වුන විපතක් .

ඒ අස්සේ මට මහා පරිමාණ සැජ්ජාවකුත් හිමිහිට මන්ද වුනා . ඇයි යකෝ මම මුට බං , උඔ , පිස්සු පගයා ...දෙයියනේ මම කීයක් නම් දේවල් කිව්වද මුට .අද නම් අස්වීම ලැබෙනවා සුවර් ෂොට් .

" ඇයි දැන් කට වැහිලා ආහ් . මහ ලොකුවට Gangster dialogues නේ ඔච්චර වෙලා දුන්නේ . කොයි ඒ Gangster, පැනලා ගියා ද ඌ .ම්ම්..තමුසෙව නම් ගැන්ස්ටර් කෙනෙක්ට ගැලපෙන්නේ නෑ මිස්ටර් එවෝන් . "

අශ්වින් වෙන්ඩ බොසා මගේ ඇග උඩින් නැගිටලා එයාගේ ඇදුම හදාගන්න ගමන් එහෙම කිව්ව .බොසාගේ කොණ්ඩෙත් අවුල් වෙලා . හැබැයි ඉස්සරට වඩා දැන් නම් පොඩි අමුතු ප්ලේ බෝයි ලුක් එකක් තියනවා . සැක් මොනවද යකෝ මේ හිතෙන හුප්තවල් .

" නැගිටිනවා දැන් , ඇති ඔය නිදියගත්තා "

අශ්වින් බොසා එහෙම කියලා මට නැගිටින්න අත දුන්නා . ඒත් ඉතින් දැන් වුන ලැජ්ජා විල්ලේ හැටියට අත තියා මූණවත් බල්නන පුලුවන් ඈ...

මම ඒ නිසා ෂේප් එකේ අශ්වින් බොසාගේ අත දැක්කෙ නෑ වගේ නැගිට්ටා .අයියෝ මට බෑ සාන්ත . විලිලැජ්ජාව බේසමකින් එකයි . සබන් කෑල්ලක් තිබ්බ නම් නාගෙන ම එන්න තිබ්බා . ෂික් ෆකේ ෆක්

හදවත් ❤️Where stories live. Discover now