08 ♥️

16 3 0
                                    

" හරි හරි බං දැන් ඕකට මූඩ් ගහන්න එපා . බලපන්නො අර කොල්ලත් මූඩ් ගහලා ඉන්නේ . ඇයි බල්ලෝ ආපු ගමන් ඒකාට ඕක කිව්වේ ."

මට නිකන් හීනෙන් වගේ ටිරාන් එහෙම කියනවා ඇහුනා .එහෙම කියලා ටිරාන් මම ලග ඉදගෙන පිටට තට්ටු කරා .

" ඕයි .ඔහොම ඉන්න එපා බං.මිනිස්සු කොහොමත් ඉතින් මැරෙනවා නේ .හිත හදාගනින් . යකෝ අපේ අශ්වින් හිත හදාගත්තෙත් බොහොම අමාරුවෙන් . ඒ අස්සේ උඹත් මූඩ් ගැහුවද "

මොකක් අශ්වින් හිත හදා ගත්තේ බොහොම අමාරුවෙන් .මොකද්ද ඒ කිව්ව කුනුහරපේ. ඒ කියන්නේ කවුද මැරුනේ  .

අඩේ එතකොට මැරුනේ ලොකු සර්... අයියෝ. ඒ අශ්වින් සර්ගේ තාත්තා නේ. යකෝ මම නම් නියම ටියුබ් ලයිට් කණුවක් නේ .තූ විතරක් .

"ඒ කියන්නේ මැරුනේ අශ්වින් සර්ගේ තාත්තා ද "

"පිස්සුද යකෝ .අශ්වින්ගේ තාත්තා මැරුනේ ඌ පොඩි කාලෙමයි . මේ උගේ සීයා .අශ්වින්ට නෑයෙක් , යාලුවෙක් , තාත්තෙක්  කියලා හිටියේ ලොකු බොස් විතරයි .ලොකු බොස් නැති වුනාට පස්සේ අශ්වින් හරියට කතා කරන්නේ තියා , කන්නේවත් නෑ. අඩුම තරමේ මම ඌ කාලෙකින් හිනා වෙනවා දැක්කෙවත් නෑ ."

මම ඇත්තට ම හිතාගෙන හිටියේ ඒ සර්ගේ තාත්තා කියලා . මට එක මොහොතකට සතුටු හිතුනා අශ්වින් සර් ජීවතුන් අතර ඉන්නවා නේද කියලා .ඒ වුනාට දැන් සර් ඉන්න තත්වේ ගැන අහද්දී මට සර් ගැන මාර දුකක් ඇති වුනේ .

" අශ්වින් සර් දැන් කොහෙද ඉන්නේ ."

" අර අතන තුන්වෙනි තියෙන ටෙන්ට් එකේ ඇති . "

" සර් නිදි ද .මට සර්ට කරදර කරන්න ඕනේ නෑ .නිකන් කතා කරලා එන්න විතරයි ඕනේ .සර් නිසා තමා මගේ ජීවිතේ බේරුනේ .මම නැත්තන් එදා මැරෙන්නත් ඉඩ තිබ්බා .මට ඒකට සර්ට තෑන්ක්ස් කරන්න ඕනේ "

"ම්ම්ම්...ඌ නිදි නම් නැතුව ඇති.ඔයා ගිහින් බලන්නකෝ. ඔයාව දැක්කම අශ්වින්ට සතුටු හිතෙයි . ලොකු සර්ට වඩා අශ්වින් තමා ඔයා ගැන කියව කියව හිටියේ . ගිහින් බලපන්කෝ "

මම ටිරාන් කිව්ව ටෙන්ට් එක ලගට ගියා. ඒක ටිකක් අනික් ඒවට වඩා ලොකු ටෙන්ට් එකක් .මම හිතන්නේ ලොකු සර්ත් මේකේ ඉන්න ඇත්තේ .

හදවත් ❤️Where stories live. Discover now