මම ලග තිබ්බ කාර් දෙක තුනක් අරින්න ට්‍රයි කරත් ඒවා ලොක් කරලා තිබ්බේ .මේ වගේ වෙලාවට බයික් එකකින් යන එක භයානකයි.මොකද කිව්වොත් මම හරියට ම මේ වෙන්නේ මොකද්ද කියලවත් හරියට දන්නේ නෑ .
ඔක්කොටම කලින් මම මගේ ගෙදර අය හොදින් ද කියලා දැනගන්න ඕනේ . මම විශ්වාස කරනවා එයාලා හොදින් ඇති කියලා . ඒත් මට ශුවර් නෑ එයාලා තාම අපේ ගෙදරට ම වෙලා ඉදී ද කියලා .
අශ්වින් සර් කියපු විදිහට මිනිස්සුන්ව නිරෝධායනය කරන්න එක එක තැන්වලට අරන් ගියා නම් අම්මවයි , තාත්තවයිත් අරන් යන්න ඇති . ඒත් කෝකටත් ගෙදරට ගිහින් ආවා නම් හරි .
මම ඊට එහා පාරේ තිබ්බ කලු පාට කාර් එකක යතුර තියෙනවද කියලා බලන්න කණ්ණාඩියෙන් ඇතුල බැලුවා . ඒත් මම ආයෙත් දැක්කේ දකින්න ඕනේ නැති දෙයක් .
ඒක ඇතුලේ හිටියෙත් අර වගේ විකෘති වෙච්ච මනුස්සයෙක් .ඇත්තටම මට එයාව දැක්කහම මාර බයක් ඇති වුනේ .මොකද මෙයා තමා මම පලවෙනියට ම දැක්ක පණපිටින් හිටපු මනුස්සයා .ඒත් එයා සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ගොඩක් වෙනස් .
හරියට මාස ගානක් තිබ්බ මළමිනියක් වගේ . මුලු ඇග ම දිය වෙලා වගේ . ඇස් දෙක තනිකර ම සුදු වෙලා.එයා තාම මාව දකින්න නැතුව ඇති .සමහර විට ඇස් පෙනීම දුර්වල ද දන්නේ නෑ .
මම හිතන්නේ මෙයා දෑන් දවස් ගානක් මේ වාහනේ ඇතුලේ හිරවෙලා ඉන්න ඇති .මට දොර ඇරලා මෙයාව එලියට ගන්න ඕනේ වුනත් මේ වෙලාවේ මේ වගේ දෙයක් කරන එක ගොන් වැඩක් කියලා හිතුනා .
ඒත් එකපාරට ම ඌ මාව දැක්කා . හරියට ගොදුරක් දැකලා ඒක තමන්ගේ කරගන්න බැරි වුන කොටියෙක් වගේ මෙයා වාහනේ ග්ලාස් එකට කඩාගෙන පැන්නා .ඒත් වීදුරුව කුඩුවුනේ නෑ. මට මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ .
අනේ බුදු සාන්ත අයියේ මාව බේරගනින් යකෝ ....
මගේ කරුමෙට ම වගේ මුගේ අත වැදිලා වාහනේ හෝන් එක සද්දෙට වැදුනා .කරුමය හෝන් එකක් ලෙස ද පැමිණිය හැම කියන්නේ නිකන් නෙවේ නේ .
එතකොට තමා මම දැක්කේ හෝන් එකේ සද්දෙට මගේ පැත්තට එන මේ වගේ විකෘති වෙච්ච තවත් මිනිස්සු .මම කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව හිටියේ .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...